රටටම වැසි - ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස කුලියාපිටිය නගරයට
අද උදෑසන 8.30 න් අවසන් වූ ගතවූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 193 කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
එමෙන්ම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මිලිමීටර 175 අවිස්සාවේල්ල, පෙන්රිත් වතුයායෙන්, ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර 162ක් සහ ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයෙන් මිලිමීටර 152 ක් ලෙස වර්ෂාපතනය සටහන් වී ඇති බවයි.
මේ අතර, හෙට (16) උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන පරිදි බස්නාහිර - සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එම පද්ධතිය ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරයි.