රාජගිරියේදී කොටු වූ විදෙස් ජාතිකයින් බැංකු ගිණුම් හැක් කරලා - සියල්ල එළියට

Report

රාජගිරිය ප්‍රදේශයේදී අන්තර්ජාල මුදල් වංචාවක නිරතව සිටියදී අත්අඩංගුවට ගත් විදේශිකයන් 120 දෙනා මෙරට සිට කැලිෆෝනියාවේ සහ සවුදි අරාබියේ බැංකු ගිණුම් හැක් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් පරිගණක 3ක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (CERT) වෙත යොමු කර සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම කරුණු හෙළි වූ බව වැලිකඩ පොලිසිය අද (15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා හමුවේ ප්‍රකාශ කළේය.

සියලුම පාරිභෝගිකයන්ට මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

සියලුම පාරිභෝගිකයන්ට මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් තවත් පරිගණක 151ක්, ලැප්ටොප් 51ක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 266ක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

සැකකරුවන් අතර චීනය, වියට්නාමය, මැලේසියාව සහ තායිලන්තය ඇතුළු රටවල් රැසක පුරවැසියන් සිටින අතර, වලංගු වීසා නොමැතිව රැඳී සිටි සැකකරුවන් 28 දෙනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අධිකරණයට පැමිණෙන ලෙස ආගමන විගමන පාලකවරයාට නොතීසි නිකුත් කෙරුණි.

අගෝස්තු මස ඉන්ධන සැපයුම පිළිබඳව රජයෙන් විශේෂ නිවේදනයක්

අගෝස්තු මස ඉන්ධන සැපයුම පිළිබඳව රජයෙන් විශේෂ නිවේදනයක්

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.