කෙහෙල්බද්දර පද්මේ බූස්සේ ඉඳන් ZOOM එකෙන් අධිකරණයට - යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන්න නියෝග
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබූ කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ එළඹෙන 17 වන දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (03) දින නියෝග කර ඇත.
ඒ අනුව එම නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් පසු මෙසේ නියෝග කර තිබුණා.
එසේම සිද්ධියට අදාළ සැකකරු බූස්ස බන්ධනාගාරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටි බව වාර්තා වේ.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ශිරාන් බාසික් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ සම්බන්ධය? උණුසුම් පැය කිහිපයකට පසු අරුන්දික CCIBන් පිටව යයි
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු වන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඒඅනුව සැකකරු සම්බන්ධයෙන් වෙනත් අධිකරණවල ඇති නඩු එම අධිකරණවලට යොමු කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තිබෙන නඩුව සහ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අඳාළ නඩුව පමණක් මෙම අධිකරණයට යොමු කරන බවත් මහේස්ත්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.