වෙළඳපොළේ මාළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළට - නව මිල ගණන් මෙන්න
දේශීය වෙළඳපොළේ මාළු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් මෙන්ම වෙළෙඳුන් ද ප්‍රකාශ කරති.
පවතින තත්ත්වය හමුවේ සිල්ලර වෙළඳපොළේ තලපත් කිලෝග්‍රෑමයක මිල රුපියල් 2800 දක්වා ඉහළ ගොස් ඇති අතර කෙලවල්ලා කිලෝග්‍රෑමයක් රුපියල් 2400 කට අලෙවි වේ.
මීට අමතරව ඉස්සන් කිලෝවක් රුපියල් 2300 කටත්, පාරා කිලෝවක් රුපියල් 2200 කටත්, හැඩැල්ලා කිලෝවක් රුපියල් 1900 කටත් අලෙවි වන අතර සාමාන්‍ය පාරිභෝගිකයින් බහුලව මිලදී ගන්නා හුරුල්ලා සහ අලගොඩුවා කිලෝවක් රුපියල් 1400 කටත්, ලින්නා කිලෝවක් රුපියල් 1100 කටත්, සාලයා කිලෝවක් රුපියල් 950 කටත් සිල්ලර වෙළඳපොළේ අලෙවි වන බව වාර්තා වේ.
මේ අතර දිවයිනේ ප්‍රධානතම මත්ස්‍ය හුවමාරු මධ්‍යස්ථානය වන පෑළියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ද තොග මිල ගණන් පසුගිය දිනවලට සාපේක්ෂව තරමක ඉහළ යාමක් පෙන්නුම් කරයි.
ඒ අනුව පෑළියගොඩ වෙළඳපොළේ තලපත් කිලෝවක් රුපියල් 1900 කටත්, කෙලවල්ලා කිලෝවක් රුපියල් 1800 කටත්, පාරා කිලෝවක් රුපියල් 1500 කටත්, හුරුල්ලා කිලෝවක් රුපියල් 1000 කටත් අලෙවි වී තිබේ.
මීට අමතරව බලයා කිලෝවක් රුපියල් 800 කටත්, ලින්නා කිලෝවක් රුපියල් 650 කටත්, සාලයා කිලෝවක් රුපියල් 600 කටත් වැනි තොග මිල ගණන් යටතේ අලෙවි වූ බව පෑළියගොඩ වෙළෙඳුන් වැඩිදුරටත් සඳහන් කරයි.