"දෙහි බාලේ" ගේ ලංකාවේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාලය කුඩු වෙයි - 21 හැවිරිදි "ජනා" ඇතුළු දෙන්නෙක් කොටු වෙයි

By Aylin Zoya May 24, 2026 05:42 AM GMT
Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ විදේශයක සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'දෙහි බාලේ' නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොට්ටාව ප්‍රදේශයේ පදිංචි 'ජනා' නමින් හඳුන්වන 21 හැවිරිදි පුද්ගලයෙකු සහ 19 හැවිරිදි තවත් පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය.

මෝදි ඉදිරියේදීම ලෝකයම හොල්ලන ප්‍රකාශයක් - එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉන්දියාව නැතුවම බැහැ

මෝදි ඉදිරියේදීම ලෝකයම හොල්ලන ප්‍රකාශයක් - එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉන්දියාව නැතුවම බැහැ

කොට්ටාව අවට ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදුකරන පුද්ගලයෙකු පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්යාංශ නිලධාරීන් විසින් කොට්ටාව මෙත්තාරාම පාර ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා සූදානම් කරමින් සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 මිලිග්‍රෑම් 700ක්, විද්‍යුත් තරාදියක්, පොලිතීන් පැකට් කිහිපයක්, මත්ද්‍රව්‍ය මැනීම සඳහා භාවිත කළ හැඳක් සහ ජංගම දුරකථනයක් සමඟ පොලිස් භාරයට ගෙන ඇත.

අද සහ හෙට දවසම අවදානම් - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

අද සහ හෙට දවසම අවදානම් - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් හදිසි අනතුරු ඇඟවීමක්