පෝට් සිටියේ උණුසුම් තත්ත්වයක් : ගුටි බැට මැද එක් අයෙක් පැහැරගෙන යද්දි දෙදෙනෙක් රෝහලේ

Report

කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේදී චීන ජාතිකයන් පිරිසක් අතර ඇති වූ උණුසුම් තත්ත්වයකින් අනතුරුව එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඇති අතර, සිද්ධියට සම්බන්ධ රථයක තිබී ගිනිඅවියක් ද සොයාගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඒ අනුව ඊයේ (22) රාත්‍රී 11:00 ට පමණ චීන ජාතිකයන් තිදෙනෙකු නවීන පන්නයේ ජීප් රථයකින් වරාය නගරය වෙත පැමිණ, එහි පිහිටි එල්ලෙන පාලම මත සිට මාළු බාමින් සිට ඇති බව සඳහන්.

අනතුරුව අද අලුයම 2:00 ට පමණ KDH වර්ගයේ වෑන් රථයකින් පැමිණි තවත් චීන ජාතිකයන් 15 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක්, වරාය නගරයේ රථගාලේ වාහනය නවත්වා එල්ලෙන පාලම වෙත ගොස් තිබෙන බවත්, එසේ පැමිණි පිරිස මාළු බාමින් සිටි චීන ජාතිකයන් තිදෙනාට පහර දී, ඒ අතුරින් එක් අයෙකු පැහැරගෙන ගොස් ඇති බවත් වාර්තා වේ.

මේ පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ජූලි 29 සිට බලාත්මක අති විශේෂ ගැසට් පත්‍ර‍යෙන් උපරිම ගාස්තු දැනුම්දෙයි

මේ පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ජූලි 29 සිට බලාත්මක අති විශේෂ ගැසට් පත්‍ර‍යෙන් උපරිම ගාස්තු දැනුම්දෙයි

මෙසේ පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් හෙළි වී නොමැති බවත් සඳහන්.

එමෙන්ම එම ගැටුමෙන් චීන ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් පැවසේ.

මේ අතර පහරදීමට පැමිණි පිරිස KDH වර්ගයේ වෑන් රථය සිද්ධිය වූ ස්ථානයේ දමා ගොස් තිබෙන අතර, පොලිසිය විසින් එම රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී විදේශයක නිෂ්පාදිත රිවෝල්වරයක් සොයාගෙන තිබෙන බව සඳහන්.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වරාය නගර පොලිසිය විසින් සිදුකරනු ලබන බව වාර්තා වේ.

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

ලංකාවම ගිනියම් වෙයි - සූදානම් වන්න - දවස පුරා වලංගු නිවේදනයක්

ලංකාවම ගිනියම් වෙයි - සූදානම් වන්න - දවස පුරා වලංගු නිවේදනයක්

පැය 48කට වතුර කැපෙන ප්‍රදේශ මෙන්න - ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

පැය 48කට වතුර කැපෙන ප්‍රදේශ මෙන්න - ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්