පාදුක්කත් කැළඹෙයි - ලේ පැල්ලම්වලින් නෑවුණු ජීප් රථයක් හමු වෙයි

Report

කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, සැකකරුවන් පැමිණි බවට විශ්වාස කෙරෙන සුඛෝපභෝගී ජීප් රථය අද (23) රාත්‍රියේ පාදුක්ක ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.

ඒ අනුව පාදුක්ක, පහළ බෝපේ මංසන්ධියේ නවතා තිබූ මෙම රථය සොයාගන්නා අවස්ථාවේදීත් එහි පසුපස ගියරය යොදා, පණගන්වා තිබූ බව පොලීසිය ප්‍රකාශ කරයි.

එමෙන්ම සොයාගත් ජීප් රථය අභ්‍යන්තරයේ ලේ පැල්ලම් කිහිපයක් දක්නට ලැබෙන අතර, මේ වනවිට රථයේ ඇඟිලි සලකුණු පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද සඳහන්.

PORT CITY චීන ගැටුමෙන් ලංකාව කැළඹෙයි - පැහැරගත් චීන ජාතිකයාගේ මළ සිරුර හමුවීමත් සමඟ චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

PORT CITY චීන ගැටුමෙන් ලංකාව කැළඹෙයි - පැහැරගත් චීන ජාතිකයාගේ මළ සිරුර හමුවීමත් සමඟ චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

ඊට අමතරව එම ජීප් රථයෙන් පැමිණි චීන ජාතිකයන් තිදෙනෙකු ත්‍රීරෝද රථයකින් කොල්ලුපිටිය දෙසට පලාගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අද (23) දින කටුනායක ගුවන්තොටුපොළ ආසන්නයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ මෙසේ පලාගිය චීන ජාතිකයන් තිදෙනා අතුරින් දෙදෙනෙකු බව ද පවසයි.

එමෙන්ම සැකකරුවන් කොල්ලුපිටිය දක්වා ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයේ රියදුරු ද මේ වනවිට කොල්ලුපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

මේ අතර මෙම ගැටුම සහ පැහැරගැනීමට ලක්වූ චීන ජාතිකයාගේ මළසිරුර ඇහැළියගොඩ, කරඳන ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක සඟවා තිබියදී අද දින පොලීසිය මඟින් සොයා ගෙන තිබුණා.  

2026 දෙවන පාසල් වාරය හෙටින් අවසන් - සියලුම පාසල්වලට තෙවන පාසල් වාරය සම්බන්ධයෙන් නිවේදනයක්

2026 දෙවන පාසල් වාරය හෙටින් අවසන් - සියලුම පාසල්වලට තෙවන පාසල් වාරය සම්බන්ධයෙන් නිවේදනයක්

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්