විභාග දෙපාර්තමේන්තුවෙන් ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක් - අද සිට අගෝස්තු 03 වන දින දක්වා වලංගුයි
ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛන අදාළ පාසල් විසින් කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරුවල සංශෝධන සිදු කිරීමට අවශ්‍ය නම්, අද(23) දින සිට අගෝස්තු 03 වන දින දක්වා මාර්ගගතව එම සංශෝධන සිදු කිරීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
අඳාළ සංශෝධන www.doenets.lk වෙබ් අඩවියට පිවිස “අපගේ සේවා” යටතේ ඇති “Exam Information Centre” වෙත පිවිසීමෙන් හෝ onlineexams.gov.lk මාර්ගගත විභාග සේවා පද්ධතිය වෙත පිවිසීමෙන් සිදු කළ හැකි බව දන්වයි.
එසේම 2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වන ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.