අද සහ හෙට දවසම අවදානම් - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

අද (24) පෙරවරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එම සංවිධානය නිවේදනයක් මගින් සඳහන් කළේය.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රදේශවලටත් වැඩි අවධානයෙන් සිටින ලෙස දැනුම්දී ඇත.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, හොරණ, පාලින්දනුවර, මතුගම සහ අගලවත්ත ප්‍රදේශ සඳහාද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

තවද කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන සහ නිවිතිගල ප්‍රදේශවල ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසද දැනුම්දී ඇත.

වැස්ස තවත් දරුණු වෙයි - අද දවසේ කාලගුණ අනාවැකිය මෙන්න

වැස්ස තවත් දරුණු වෙයි - අද දවසේ කාලගුණ අනාවැකිය මෙන්න

ගංවතුර අනතුරු ඇඟවීමක් - අත්තනගලු ඔය ද්‍රෝණියේ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කෙරේ

ගංවතුර අනතුරු ඇඟවීමක් - අත්තනගලු ඔය ද්‍රෝණියේ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කෙරේ