PORT CITY චීන ගැටුමෙන් ලංකාව කැළඹෙයි - පැහැරගත් චීන ජාතිකයාගේ මළ සිරුර හමුවීමත් සමඟ චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

Report

කොළඹ වරාය නගරයේ චීන ජාතිකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොලිසියට දන්වා ඇති බව වාර්තා වේ.

ඒ අනුව චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ මෙම ගැටුම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු හැකි ඉක්මනින් හෙළි කරන ලෙසත්, චීන පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාව, නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය සහ පොලිසිය කඩිනමින් කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

ඊට අමතරව මෙම ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයින්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා ලෙසත්, චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දී ඇති බව වාර්තා වේ.

පෝට් සිටියේ උණුසුම් තත්ත්වයක් : ගුටි බැට මැද එක් අයෙක් පැහැරගෙන යද්දි දෙදෙනෙක් රෝහලේ

පෝට් සිටියේ උණුසුම් තත්ත්වයක් : ගුටි බැට මැද එක් අයෙක් පැහැරගෙන යද්දි දෙදෙනෙක් රෝහලේ

එමෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන චීන පුරවැසියන් තම ආරක්ෂාව පිළිබඳව වඩාත් අවධානයෙන් හා දැනුවත්ව සිටිය යුතු බවත්, හදිසි අවස්ථාවකදී වහාම පොලීසියට දැනුම් දෙන ලෙසත්, සහාය වෙනුවෙන් තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙසත් තානාපති කාර්යාලය සිහිපත් කරයි.

ඊයේ (22) රාත්‍රී 11:00 ට පමණ චීන ජාතිකයන් තිදෙනෙකු නවීන පන්නයේ ජීප් රථයකින් වරාය නගරය වෙත පැමිණ, එහි පිහිටි එල්ලෙන පාලම මත සිට මාළු බාමින් සිටි බවත් අනතුරුව අද අලුයම 2:00 ට පමණ KDH වර්ගයේ වෑන් රථයකින් පැමිණි තවත් චීන ජාතිකයන් 15 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක්, වරාය නගරයේ රථගාලේ වාහනය නවත්වා එල්ලෙන පාලම වෙත ගොස් තිබෙන බවත් වාර්තා විය.

එසේම එලෙස පැමිණි පිරිස මාළු බාමින් සිටි චීන ජාතිකයන් තිදෙනාට පහර දී, ඒ අතුරින් එක් අයෙකු පැහැරගෙන ගොස් තිබුණා. මේ අතර කරඳන ගේට්ටුකඩේ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා ගිය ඇහැළියගොඩ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් කැළැබද ප්‍රදේශයක දී සැකකටයුතු ගල් ගොඩක් හමුව තිබූ අතර එහි ඇතුළත මිනිස් අතක කොටසක් තිබෙන ආකාරය දුටු පොලීසිය වහාම එම ස්ථානය පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

එහිදී අදාළ ගල්ගොඩෙහි පුද්ගල මළසිරුරක් සඟවා තිබෙන බවත් එය චීන ජාතිකයෙකුගේ බවට හඳුනාගත් තිබූ අතර පසුව තහවුරු වී ඇත්තේ එම සිරුර කොළඹ වරාය නගරයේදී පැහැරගත් චීන ජාතිකයාගේ බවටයි.

එබැවින් සිරුර වැඩිදුර විමර්ශන සඳහා අද පස්වරුවේ අවිස්සාවේල්ල රෝහල වෙත රැගෙන ගොස් ඇත. එමෙන්ම මළ සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ තිබී මෝටර් රථයක්ද සොයාගෙන තිබූ අතර එය සැකකාර චීන ජාතිකයින් පිරිස මෘත දේහය රැගෙන ඒමට භාවිත කළ එකක් බවට සැක පළ කරයි.

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර් මහතා සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ බවට සැක චීන ජාතිකයන් දෙදෙනෙකු මෙරටින් පළායාමට යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා වෙරළබඩ පොලීසියට රැගෙනවිත් තිබෙන අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය දන්වයි. කෙසේ වෙතත් චීන ජාතිකයින් අතර ගැටුමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත. 

මේ පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ජූලි 29 සිට බලාත්මක අති විශේෂ ගැසට් පත්‍ර‍යෙන් උපරිම ගාස්තු දැනුම්දෙයි

මේ පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ජූලි 29 සිට බලාත්මක අති විශේෂ ගැසට් පත්‍ර‍යෙන් උපරිම ගාස්තු දැනුම්දෙයි

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්