විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන සාකච්ඡා කිරීමට විපක්ෂ නායකයෝ එක්වෙති
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයකට අනුව පැවැත්වෙන මෙම සාකච්ඡාවට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන නියෝජිතයින් රැසක් එක්ව සිටිති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සර්ව ජන බලයේ නායක දිලිත් ජයවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු විපක්ෂ නියෝජිතයින් මේ සඳහා සහභාගී වී සිටින බව වාර්තා වේ.
මෙහිදී උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීමේ රජයේ යෝජනාව සහ ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ ඉදිරි ස්ථාවරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.