සාම සාකච්ඡාවල පිහිටෙන් ගොඩ යන්න හදන පාකිස්තානය - ඇමරිකාවෙන් හදිස්සියෙම ඉල්ලපු දේට ලෝකෙම අවධානය
විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම සහ ආර්ථික පීඩනය අඩු කිරීම වෙනුවෙන් පාකිස්තානය එක්සත් ජනපදයෙන් ඩොලර් බිලියන 10 ක විනිමය ස්ථායීකරණ පහසුකමක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
ඒ අනුව වොෂින්ටනයේ පැවති රැස්වීමකදී පාකිස්තාන මුදල් අමාත්‍ය මුහම්මද් ඕරංසෙබ් විසින් මෙම ඉල්ලීම එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් වෙත සිදු කර ඇත.
එසේම මෙය අනුමත වුවහොත්, මෙම පහසුකම සංචිත ශක්තිමත් කිරීමට, රුපියල මත පීඩනය ලිහිල් කිරීමට සහ බහුපාර්ශ්වික මූල්‍යකරණය මත යැපීම අඩු කිරීමට උපකාරී වනු ඇති බව සඳහන්.
එමෙන්ම වෙළඳපොළ ප්‍රවේශය සහ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් සඳහා වැඩි එක්සත් ජනපද සහාය අපේක්ෂා කරන අතරම, පාකිස්තානය ඩොලර් බිලියන 7 ක IMF වැඩසටහන යටතේ මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම දිගටම කරගෙන යන බව සඳහන්.
කෙසේ වෙතත් මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්ථානයට මෙම සහනය හිමිවුවහොත් එය පාකිස්ථාන ආර්ථිකයට ලැබෙන ප්‍රබල අස්වැසිල්ලක් වනු ඇති බව සඳහන්.
එසේම ඉකුත් දා ඇතිවූ ඉරාන අර්බුදයේදී සාම සාකච්ඡා වෙනුවෙන් මැදිහත්වෙමින් පාකිස්ථානය ඉටුකළ රාජ්‍යතාන්ත්‍රික භූමිකාවත් සමඟ වොෂිංටන් පාලනයෙන් මෙන්ම සුදුසු අනෙකුත් පාර්ශ්වයන්ගෙන්ද යම් ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට පාකිස්ථානයට අවස්ථාව හිමිවනු ඇති බවට ද තොරතුරු සඳහන්.