ලංකාව රක්තවර්ණ කළ ඒ අඳුරු ඉතිහාසය - කළු ජූලියට අදට වසර 43යි
1983 වර්ෂයේ ජුලි 23 දින ශ්‍රි ලංකාවේ ඇතිවුණු වර්ගවාදි කැරැල්ල "කළු ජූලිය" ලෙසින් හදුන්වනු ලබයි.
ගණන් බලා ඇති අන්දමට එම සිද්ධියේදී දෙමළ වැසියන් 1000 ක් පමණ ඝාතනය කරන ලද බව වාර්තා වෙයි.
රජයේ නිල සංඛ්‍යා ලේඛණවලට අනුව මරණයට පත්වූ සංඛ්‍යාව 471ක්. නිල නොවන සංඛ්‍යා ලේඛණ අනුව මියගිය සංඛ්‍යාව 1500ක් වන බව සදහන් වේ තුවාල වූවන්ගේ සංඛ්‍යාව 3769ක් වන අතර මංකොල්ලකෑම් 3835ක් නිවාස 8000ක් සහ සාප්පු 5000ක් ද මෙයින් විනාශයට පත්ව තිබේ.
කළුජූලිය හුදෙක් ක්ෂණිකව පැනනැගුණු මහජන කෝපයක් පමණක් නොව එය පිටුපස සංවිධානාත්මක බලවේග ක්‍රියාත්මක වූ බව පසුව හෙළිවුණා. ඒ අනුව කැරළිකරුවන් සතුව දෙමළ ජනතාව ජීවත් වූ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන නිවැරදිව හදුනාගත හැකි ඡන්ද හිමි නාමලේඛණ තිබූ බවටද වාර්තා වෙයි.
ගෙවල් දහස් ගණනක් ගිනිබත් කරන ලද අතර ශ්‍රි ලාංකික දෙමළ වැසියන් විශාල ප්‍රමාණයක් වෙනත් රටවලට සංක්‍රමණය වූ බවත් ඇස්තමේන්තු කර ඇත.

දෙමළ ආයුධ සන්නද්ධ සංවිධානයක් වූ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් සැඟවී සිට කරන ලද පහර දිමකින් ශ්‍රි ලංකා හමුදාවේ සෙබළු 13 දෙනෙකු ජිවිතක්ෂයට පත් වීම මෙම අරගලයට බලපෑ මුලික හේතුව බවට පත්ව ඇති බව සදහන් වේ .
සිංහල වැඩි බලයක් හිමි ශ්‍රි ලංකා රජයත් දෙමළ බෙදුම්වාදීනුත් අතර මහා පරිමාණ යුද්ධයකට ප්‍රවේශයක් ලෙසද මෙම කළු ජූලිය සාමාන්‍යයෙන් පිළිගැනේ. සිංහල වැඩි බලයක් හිමි ශ්‍රි ලංකා රජයත් දෙමළ බෙදුම්වාදීනුත් අතර මහා පරිමාණ යුද්ධයකට ප්‍රවේශයක් ලෙසද මෙම කළු ජූලිය සාමාන්‍යයෙන් පිළිගනු ලබන කාරණයක් වේ
ඇතැම් ඉතිහාසඥයන්ගේ අදහස වන්නේ, යටත් විජිත පාලනයේ "බෙදා වෙන් කොට පාලනය කිරීමේ" ප්‍රතිපත්ති මගින් ජනවාර්ගික භේද තවත් තීව්‍ර වූ බවයි. නිදහසෙන් පසු 1956දී සම්මත කරන ලද "සිංහල පමණයි" පනත මගින් සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම හේතුවෙන් දෙමළ ජනතාව අතර දැඩි විරෝධයක් මතු විය.
එම ප්‍රතිපත්තිය දෙමළ භාෂාව භාවිත කිරීමේ සහ රාජ්‍ය සේවාවලට ප්‍රවේශ වීමේ අවස්ථාවන්ට අහිතකර ලෙස බලපෑ බව විවේචකයන් පෙන්වා දී තිබේ
මෙම පනතට එරෙහිව දෙමළ ජනතාව විරෝධතා පැවැත්වූ අතර, එම අවස්ථාවන්හිදී ප්‍රචණ්ඩ ක්‍රියා සහ ගැටුම් ද වාර්තා වී තිබේ.
ජනවාර්ගික ආතතිය ක්‍රමයෙන් උග්‍ර වී, 1958දී දිවයිනේ ප්‍රදේශ රැසක පැතිර ගිය ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා දක්වා එය වර්ධනය විය මෙම සිදුවීම් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සබඳතා ඉතිහාසයේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකේ.

1971 දි දෙමළ සිසුන් ඉලක්ක කර ගත් ප්‍රමිතිකරණ ප්‍රතිපත්තිය සහ වෙනත් සීමාකිරිම් හඳුන්වා දී තිබේ
එහි වඩාත් තහවුරු කරන ලද්දේ සිංහල සහ මුස්ලිම් සිසුන්ට පමණක් ඉඩදෙන ක්‍රියා පිළිවෙලකි මෙහි ප්‍රතිඵලය වූයේ දෙමළ සිසුන් වැඩි පිරිසක් සන්නද්ධ කණ්ඩායම් කරා යොමු විමයි.
මෙම නැගී ගෙන එන අංකුර තත්ත්වයන් සම්බන්ධයෙන් පොලීසිය ගත් ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵලය වූයේ දෙමළ ජනතාව සහ රජය අතර විරසකය තව තවත් වැඩි වීමකි 977 දී එක්සත් ජාතික පක්ෂය බලයට පත්විය ඉන්පසුව "1977 කැරලි" යන නමින් හැඳින්වෙන කැරළි කීපයක් ඇති වුනි.
1981 දි ප්‍රචණ්ඩකාරි පිරිසක් විසින් ඉතා ප්‍රසිද්ධියක් ඉසිලු යාපනය පුස්තකාලය ගිනි තබන ලදි. 1983 දක්වා ඒ හා සමාන කුඩා පරිමාණයේ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් රජයත් හතු පිපෙන්නාක් මෙන් බිහිවු දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතරත් පැන නැගී තිබේ බොහෝ මිනිමැරුම්, පැහැරගෙන යාම්, හිරිහැර කිරිම්, අතුරුදන් කිරිම් පිළිබඳව එම දෙපාර්ශවයට චෝදනා එල්ල වී තිබේ .
කළු ජූලියෙන් පසුව ඉන්දියාව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයට සෘජුවම මැදිහත්වීම ආරම්භ කළ අතර එය 1987 ඉන්දුල ලංකා ගිවිසුමට සහ ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවට පැමිණීමට ද මග පෑදී ඇත වත්මනය වනවිට වසර 43 ක් ගතවන අද දිනයේදී පවා කලුජූලිය ඉතිරිකර ගිය අදුරු සෙවණලි හදවත් තුළින් මැකී ගොස් නැත.
මෙම කළු ජුලිය ආරම්භ වුයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් 1983 ජුලි 23 වන දින උතුරේදී හමුදා රථ පෙළකට සැඟවී කරන ලද පහරදීම මුල් කරගෙන බව සදහන් වේ 1983 ජූලි 23 වැනිදා උතුරු ශ්‍රී ලංකාවේදී එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානය විසින් ශ්‍රී ලංකා හමුදා රථ පෙළක් ඉලක්ක කර ගනිමින් සැඟවී සිට ප්‍රහාරයක් එල්ල කරන ලදී.
මෙම ප්‍රහාරය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ වැදගත් කරුණක් ලෙස සලකයි ප්‍රහාරයේදී රථ පෙළේ ඉදිරියෙන් ගමන් කළ ජීප් රථය ඉලක්ක කර බිම් බෝම්බයක් පුපුරුවා හැරීමෙන් අනතුරුව, එහි සිටි සෙබළුන්ට ආධාර කිරීම සඳහා පසුපසින් පැමිණි ට්‍රක් රථයෙන් බැස ආ හමුදා සාමාජිකයන් වෙත ස්වයංක්‍රීය ගිනි අවි සහ ග්‍රෙනේඩ් භාවිත කර ප්‍රහාර එල්ල කරන ලදී.
මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරියෙකු ඇතුළුව සෙබළුන් 13 දෙනෙකු මිය ගිය අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලැබූහ. පසුව තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු මිය යාමත් සමඟ මුළු මරණ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගියේය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ එවකට යාපනය ප්‍රදේශයේ ප්‍රධාන අණදෙන නිලධාරියෙකු වූ "කිට්ටු" (S. Krishnakumar) මෙම ප්‍රහාරය සංවිධානය කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ වගකීම භාරගෙන තිබුණි. මෙම සිදුවීමෙන් අනතුරුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර ගොස් තිබේ
ඒ වගේම වැලිකඩ අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ සිදුවු මහා මනුෂ්‍ය ඝාතනයත් මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් විය . ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඒ තුළ රදවා සිටි දෙමළ රැදවියන් 37 දෙනෙකු ඒ තුලම සිටි සිංහල සිරකරුවන් විසින් කැති පොලු ආදියෙන් පහරදී මරා දමා තිබුණි වැලිකඩ අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ 25 දින සිදුවු මහා මනුෂ්‍ය ඝාතනයයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඒ තුළ රදවා සිටි දෙමළ රැදවියන් 37 දෙනෙකු ඒ තුලම සිටි සිංහල සිරකරුවන් විසින් කැති පොලු ආදියෙන් පහරදී මරා දමන ලදහ.

කළු ජූලිය "ඉතා කණගාටුදායක සහ අවාසනාවන්ත" සිද්ධියක් ලෙසින් හැඳින්වූ තිස්ස අත්තනායක මහතා එයින් අනතුරුව ශ්‍රී ලංකාවේ හටගත් "ජාතිවාදී ස්වරූපයත්, ජාත්‍යන්තර අපකීර්තියත්" මකා ගැනීමට ශ්‍රී ලංකාවට තවමත් හැකිවී නැතැයි ද ප්‍රකාශ කර තිබේ
වසර විසි හයක් පුරා පැවති යුද්ධය හේතුවෙන් මරුමුවට පත් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වෙතැයි ඇතැම් වාර්තා සඳහන් කරයි.
රට පුරා පැතිරී ගිය මෙම කෝලාහල හේතුවෙන් අති විශාල දේපළ හානි සිදු වූ අතර, ව්‍යාපාරික ස්ථාන මංකොල්ල කෑමට ද ලක් විය නමුත් මෙවැනි කණගාටුදායක සිද්ධීන් නැවත ඇති නොවීමට කටයුතු කළ යුතුව තිබේ .
එය තරුණ අපගේ පමණක් නොව මුළු මහත් සමාජයේම වගකීමකි