මෙරට විදේශ කටයුතු අමාත්‍ය සහ බ්‍රසීල විදේශ අමාත්‍ය අතර ද්විපාර්ශ්වික හමුවක් - හේතුව මෙන්න

Report

පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන 33 වැනි ආසියාන් කලාපීය වේදිකාවට (ARF) සමගාමීව, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ බ්‍රසීල විදේශ අමාත්‍ය මවුරෝ වීරා (Mauro Vieira) මහතා අතර ද්විපාර්ශ්වික හමුවක් අද(23) වන දින පැවතුණි.

එහිදී ​කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කිරීම ඇතුළුව ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අමාත්‍යවරුන් දෙපළ නැවත තහවුරු කළ බව සඳහන්.

එසේම ​ශ්‍රී ලංකාවේ උක් වගා කර්මාන්තයේ සංවර්ධනය උදෙසා තාක්ෂණික සහාය ලබා දීමට බ්‍රසීලය ඉදිරිපත් වීම පිළිබඳව අමාත්‍ය හේරත් මහතා සිය කෘතඥතාව පළ කර ඇත.

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

ලංකාවම ගිනියම් වෙයි - සූදානම් වන්න - දවස පුරා වලංගු නිවේදනයක්

ලංකාවම ගිනියම් වෙයි - සූදානම් වන්න - දවස පුරා වලංගු නිවේදනයක්