2026 දෙවන පාසල් වාරය හෙටින් අවසන් - සියලුම පාසල්වලට තෙවන පාසල් වාරය සම්බන්ධයෙන් නිවේදනයක්
2026 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට (24) දින අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, තෙවන පාසල් වාරයේ පළමු වන අදියර එළැඹෙන සඳුදා (27) දින ආරම්භ වන බවයි.
එසේම මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ජූලි 31 වැනි දින අවසන් වන බවත්, තෙවන පාසල් වාරයේ පළමු වන අදියර අගෝස්තු 3 වන දින ආරම්භ වන බවත් අඳාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.