පිරිවෙන් සිසුන් දෙදෙනාගේ අවාසනාවන්ත ඉරණම..
By Piyumika
රත්නපුර අංගම්මන තොටුපළේ ඊයේ පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිසිය පැවසීය.
මෙසේ දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොළොන්නරුව සහ රත්නපුර අයගම ප්‍රදේශවල පදිංචි 16, වියැති ඉඳුවර දෙනුවන් හා බිතුම් ඉමල්ෂ යන නම් වලින් හඳුන්වන සිසුන් දෙදෙනකු බව පොලිසිය සඳහන් කර ඇත.
මොවුන් දෙදෙනා දිය නෑමට ගිය තොටුපොළ ස්ථානය ආසන්නයේ වැලි තොටුපොළක් ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
මියගිය සිසුන් සමඟින් දියනෑමට හිමිනමක් දියේ ගිලෙද්දී බේරාගෙන රත්නපුර ශික්ෂණ රෝහලේ ඇතුළත් කර තිබේ.
මියගිය සිසුදෙදෙනා සිරුරු ගඟේ පහළ කොටසේදී ප්‍රදේශයේ තිබී හමු විය.