මිය ගිය අයිරිෂ් ඩෙනා නෞකාවේ සිටි 84 දෙනාගේ සිරුරු තැන්පත් කිරීමට ජංගම ශීතාගාර දෙකක්
ඊයේ (05) පස්වරුවේ ගාල්ල ජාතික රෝහල වෙත අයිරිෂ් ඩෙනා නාවික යානයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවිකයින් 84 දෙනාගේ මළ සිරුරු තැන්පත් කිරීම සදහා, දිගින් අඩි 40ක අධි ශීතාගාර කන්ටේනර් රථ දෙකක් රැගෙන ආ ඇත.
මෙම කන්ටේනර් දෙකෙන් එක්කොටසක් ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ලබා දී ඇති අතර, අනෙක් කන්ටේනරය මුස්ලිම් ජාතිකයින්ගේ ධන පරිත්‍යාගයෙන් ලබා දී ඇති බව සඳහන්.
කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි
ඒ අනුව ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පහසුකම් මත මළ සිරුරු විශාල ප්‍රමාණයක් තැන්පත් කිරීමට නොහැකි බැවින් මෙම අධි ශීතාගාර කන්ටේනර් රැගෙන එන ලෙස කටයුතු කර බවත් සඳහන් වේ.
එමෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණයන් නිම වූ පසු, එම මළ සිරුරු මෙම කන්ටේනර් තුළ ආරක්ෂිතව තැන්පත් කිරීම සිදු කෙරෙනු ඇත.