මෝදර චතුරගේ පාපෝච්චාරණයකට අනුව මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සොයා ගනියි

Report

පසුගිය දිනවල දෙමටගොඩ ප්‍රදේශයෙන් පොලිස් භාරයට ගත් දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනිඅවි 18 කට අතිශයින්ම සමාන තවත් ගිනිඅවි දෙකක් මෝදර ප්‍රදේශයේදී සොයා ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.

විදේශගතව සැඟව සිටින ප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'මෝදර නිපුන' නමැත්තාගේ සහෝදරයා වන 'මෝදර චතුර' නමින් හඳුන්වන සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසුව මෙම අවි ආයුධ සොයාගෙන ඇත.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී මෑතකදී මෙරටට පිටුවහල් කරන ලද මෙම සැකකරුවාව ආරක්ෂක අංශ විසින් දින 90 ක රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර, එහිදී හෙළි වූ තොරතුරුවලට අනුව මෙරට නිෂ්පාදිත 'ටී කටස්' වර්ගයේ ගිනිඅවි දෙක මෙලෙස අත්අඩංගුවට ගැණුනි.

ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවක අර්ථසාධක මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ

ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවක අර්ථසාධක මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ

දෙමටගොඩින් සහ මෝදරින් හමු වූ මෙම සියලුම ගිනිඅවි එකම පුද්ගලයෙකු විසින් නිපදවන ලද ඒවා බවට පොලිසිය දැඩි ලෙස සැක පහළ කරයි.

ඒ අනුව, මෙම රහසිගත අවි නිෂ්පාදනාගාරය පවත්වාගෙන යන සහ අවි නිපදවන ප්‍රධාන සැකකරුවා කොටුකර ගැනීම සඳහා ආරක්ෂක අංශ විසින් මේ වන විට පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සෘජු උපදෙස් හා මඟපෙන්වීම මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම විශේෂ විමර්ශන කටයුතු ඉදිරියට රැගෙන යනු ලබයි.

දිවයින පුරා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අඛණ්ඩව සිදුකරන වැටලීම් හේතුවෙන් පාතාල අපරාධකරුවන් සතුව තිබූ ගිනිඅවි විශාල වශයෙන් අත්අඩංගුවට පත්ව ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහණ කළේය.

මාළු මිල ඉහළට - නව මිල මෙන්න

මාළු මිල ඉහළට - නව මිල මෙන්න

මේ හේතුවෙන් වත්මන් අපරාධ කල්ලි දරුණු ගිනිඅවි හිඟයකට මුහුණ දී සිටින බවත්, ඊට විකල්පයක් ලෙස ඔවුන් මෙරට තුළම රහසිගතව ගිනිඅවි නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් අනාවරණය කළේය.