රට ‘Hard Default’ තත්ත්වයකට පත්වෙලා ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියෙන් මුළුමනින්ම කොන් වෙන්න ඉඩ.. ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් [VIDEO]

Report

ශ්‍රී ලංකාව ආර්ථික ලෙස බංකොළොත් වීමට මූලික වූ හේතු සහ ඒ පිටුපස පැවති පරිපාලනමය දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කර ඇති බව වාර්තා වේ.

ඒ අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින්. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ, තමන් ධුරය භාර ගන්නා විට රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ සත්‍ය තොරතුරු එවකට සිටි ජනාධිපතිවරයාගෙන් පවා වසන් කර තිබූ බවයි.

එමෙන්ම 2022 අප්‍රේල් මස 08 වැනි දින තමන් මහ බැංකු අධිපති ධුරය භාර ගන්නා අවස්ථාව වන විට, මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 25ක් වැනි අතිශය අවම මට්ටමකට ඇද වැටී තිබූ බවත් ඔහු සිහිපත් ක‍ර ඇති බව සඳහන්. එසේම ඉදිරි මාසය තුළ පමණක් ඩොලර් බිලියන 6ක ණය වාරික ගෙවීමට තිබූ බව ද ඔහු හෙළි කර ඇත.

ජූලි 04 වන දිනය පුරා වලංගු නිවේදනයක් - රටටම ප්‍රවේශම්වන මෙන් දන්වයි

ජූලි 04 වන දිනය පුරා වලංගු නිවේදනයක් - රටටම ප්‍රවේශම්වන මෙන් දන්වයි

"මට කලින් හිටපු මහ බැංකු අධිපතිවරු සහ මුදල් අමාත්‍යවරු රටේ සැබෑ තත්ත්වය ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට වාර්තා කර තිබුණේ නැහැ. ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කළේ කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ණය ගෙවිය හැකි බවයි. නමුත් ඇත්ත තත්ත්වය වසන් කරමින් කටයුතු කිරීම නිසා රටේ ආර්ථිකය දැඩි අනතුරකට ලක් වුණා"

එමෙන්ම ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට තමන් ගත් තීරණය පිළිබඳව විපක්ෂය නගන චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, එය රට මුළුමනින්ම බිඳ වැටීම වැළැක්වීමට තිබූ එකම විකල්පය වූ බවයි.

පාතාල කණ්ඩායම් එක තැනකට එකතු වෙලා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගන්න සාකච්ඡා කරලා.. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය භයානක තත්ත්වයක්

පාතාල කණ්ඩායම් එක තැනකට එකතු වෙලා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගන්න සාකච්ඡා කරලා.. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය භයානක තත්ත්වයක්

"අපි ණය හිමියන්ට දැනුම් දීලා මේ තීරණය ගත්තේ. එහෙම නොකළා නම් රට ‘Hard Default’ තත්ත්වයකට පත්වෙලා ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියෙන් මුළුමනින්ම කොන් වෙන්න ඉඩ තිබුණා. ඒ තීරණය ගත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව සහ පාර්ලිමේන්තුව දැනුවත් කරලයි"

ඊට අමතරව පෙර සිටි බලධාරීන් සත්‍යය වසන් කරමින් ණය ගෙවීමට උත්සාහ කිරීම ඔස්සේ රටේ අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන ආනයනයට තිබූ මුදල් පවා විනාශ වූ බව පෙන්වා දුන් නන්දලාල් වීරසිංහ මහතා, වර්තමානයේ රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ එම වැරදි නිවැරදි කරමින් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම නිසා බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

පාසල් දරුවන් ඉලක්ක කරමින් රජයෙන් දැවැන්ත මෙහෙයුමක්- ෆාමසිවලට එන අලුත්ම කට්ටලය මෙන්න

පාසල් දරුවන් ඉලක්ක කරමින් රජයෙන් දැවැන්ත මෙහෙයුමක්- ෆාමසිවලට එන අලුත්ම කට්ටලය මෙන්න

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,