හෙට අති විශේෂ දවසක් - කලාප 22ක් ආවරණය කරමින් රජයෙන් විශේෂ වැඩක්
රට තුළ ශීඝ්‍රයෙන් හිස ඔසවමින් පවතින ඩෙංගු වසංගතය මැඩපැවැත්වීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සමාලෝචන සාකච්ඡාවක් 'ක්ලීන් ශ්‍රී ලංකා' ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (04) පෙරවරුවේ පැවැත්විණි.
එහිදී ගන්නා ලද තීරණයකට අනුව, බස්නාහිර පළාතේ හඳුනාගෙන ඇති උග්‍ර ඩෙංගු අධි අවදානම් කලාප 22ක් කේන්ද්‍ර කරගනිමින් හෙට (05) දින සිට දැවැන්ත ඩෙංගු මර්දන ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කිරීමට නියමිතය.
ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවක අර්ථසාධක මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ
ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් සහ 'ක්ලීන් ශ්‍රී ලංකා' ජාතික වැඩසටහනේ පූර්ණ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම සෞඛ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක වේ. ඩෙංගු උවදුර මර්දනය සඳහා සිවිල් ජනතාවගේ දායකත්වය උපරිමයෙන් ලබාගනිමින් සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන මෙන්ම ස්වේච්ඡා සංවිධාන රැසක් මෙම සත්කාරය සඳහා ඒකාබද්ධව අත්වැල් බැඳගෙන සිටිති.
ඒ අනුව ඩෙංගු මර්දනය සඳහා ජනතා සහභාගිත්වය ඉහළ නංවා ගනිමින් බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 22ම ආවරණය වන පරිදි මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම මෙහෙයුම යටතේ හෙට සිට විශේෂ පරීක්ෂාවන්ට හා පවිත්‍රතා කටයුතුවලට ලක්වන කොළඹ දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාප 10 ලෙස මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල සහ කොළඹ මහනගර සභා සීමාවේ D1, D3, D4 කලාප හඳුනාගෙන තිබේ.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් බියගම, කැලණිය, සීදුව, ජාඇල, මහර, වත්තල, මීගමුව සහ මිනුවන්ගොඩ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාප 8ක් මීට ඇතුළත් කර ඇත.
කළුතර දිස්ත්‍රික්කයෙන් පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ කළුතර යන කලාප 5 ද සමඟින් සමස්ත කලාප 22ම ආවරණය වන පරිදි මෙම ක්ෂේත්‍ර මෙහෙයුම් සිදු කෙරේ.
අද දින පැවැති මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මෙන්ම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටියහ.
මීට අමතරව පොලිසිය, යුද, නාවික හා ගුවන් යන ත්‍රිවිධ හමුදා මෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් ද මීට සක්‍රීයව දායක වූහ.