තවම හිතන් ඉන්නවා මේ අර වනචර රාජපක්ෂලගේ රාජ්‍ය කියලා ඒක ඉවරයි.. ඊළඟට බටෙන් කන්න වෙන්නේ ගෝඨට - රාජපක්ෂලට සැර ප්‍රකාශයක් [VIDEO]
වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා විසින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟ, පසුගිය පාලන සමයේ සිදුවූ මහා පරිමාණ දූෂණ හා වංචාවලට සම්බන්ධ සෙසු පුද්ගලයන්ට ද දඬුවම් ලැබෙන Judgment Day උදා වී ඇති බව සඳහන් කර ඇත්තේ එහි ඊළග පුද්ගලයා හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා වනු ඇති බවත් පවසමින්.
ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවක් අමතමින්. ඒ අනුව වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු පැවසුවේ මෙය බොහෝ කලකට පෙර සිදුවිය යුතුව තිබූ දෙයක් බවයි.
රඛිත, චරිත් නඩුවට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාසත් මාට්ටු - හරක් කටාගේ බිරිඳට සල්ලි දීලා තියෙන්නේ විජේදාසට අයිති නිවසකදි
එසේම ඔහු චෝදනා කළේ රාජපක්ෂ පවුලේ දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ ප්‍රධාන ‘කොන්ත්‍රාත්කරුවෙකු’ වශයෙන් කරන්නාගොඩ මහතා කටයුතු කළ බවයි.
තවද යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බඳවා ගැනීමේදී සිදු වූ අක්‍රමිකතා පිළිබඳව කරුණු දක්වමින් චමීර පෙරේරා මහතා කියා සිටියේ,
"උඹලගේ මේ පාර රාජ්‍යයේ Deep State එකේ යම රජ්ජුරුවන්ට නේ නියෝග දෙන්න පුළුවන්. වනචර රාජපක්ෂලට තමයි නියෝග දෙන්න පුළුවන්. තවම මුන් හිතන් ඉන්නවා මේ තියෙන්නේ අර වනචර රාජපක්ෂලගේ පාර රාජ්‍ය තාම තියෙන්නේ කියලා හිතෙනවා. එහෙම නේ. තාම මේ වටපඩයෝ හිතාන් ඉන්නේ තාම මේ රට පාලනය කරන්නේ අර වනචර රජා කියලා. ඒ වනචර රජාගේ ආණ්ඩුව තියෙන්නේ කියලා. ඒක ඉවරයි. පව් උඹලා. දැන් තීන්දු තීරණ ගන්නේ ගරු අධිකරණය. විමර්ෂන නිලධාරීන්. දැන් බටෙන් කකා හිටපු එකාට කටෙන් කන්න වුණා. කවදා වෙනකල් කන්නද? ඊළඟට එන්නේ උඹලට ඊළඟට එන්නේ ගෝඨාට.."
එමෙන්ම මෙම දූෂිත ජාලය මුළුමනින්ම පරාජය කිරීම සඳහා ජනතාව පෙළගැසී සිටින බවත්, වත්මන් රජය කිසිදු පුද්ගලයෙකු ආරක්ෂා නොකර නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු මෙහිදී ඉල්ලා සිටියා.