රජයේ සේවකයන්ට අවමන් සහගත ලෙස ප්‍රතිචාර දක්වන පාලනයක් මීට පෙර නිර්මාණය වෙලා නැහැ මේ තමයි ඒ අතින් කැතම පාලනය - විමල් ආණ්ඩුවේ පලු අරී [VIDEO]

Report

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් වර්තමාන රජයේ වැඩපිළිවෙල වන්නේ දවසට දෙදෙනා බැගින් අත්අඩංගුවට ගැනීම බව සඳහන් කර ඇත. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා සඳහන් කළේ,

ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටියත් උස්සයි - නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්

ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටියත් උස්සයි - නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්

''කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ තමයි දවසකට දෙක බැගින් අත්අඩංගුවට ගන්න එක. මොකක් හරි චෝදනාවක් දාලා ගන්නවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. වෙන කිසිම වැඩ පිළිවෙලක් නැහැ.. රජයේ සේවකයන්ට හීන හැදුවේ තමාගේම වෙච්ච වාහනයක් ගන්න පුළුවන් අනාගතයක් හදනවා කියලා. හැබැයි දැන් අන්තිමට හාල් කිලෝ විස්සක් ණයට දෙන තත්වෙට පත්වෙලා තියෙනවා. මේ රටේ රජයේ සේවකයා තමයි පොකුරු පිටින් ගිහින් තැපැල් ඡන්දෙ පෝලිමේ දුන්නේ. අද ඒ මිනිස්සු තමයි හොරකම් කරනවා කියලා ලාල්කාන්ත ඇමති ප්‍රසිද්ධියේ කියන්නේ. එතකොට මේ තරම් රජයේ සේවකයන්ට අවමන් සහගත ලෙස ප්‍රතිචාර දක්වන පාලනයක් මීට පෙර නිර්මාණය වෙලා නැහැ. මේ තමයි ඒ අතින් කැතම පාලනය.''

සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් - අදත් මේක නොකළොත් වැඩ වරදියි

සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් - අදත් මේක නොකළොත් වැඩ වරදියි

මත් ලෝලීන්ට සතුටුදායක ආරංචියක් - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අලුතෙන් ඇප් එකක්

මත් ලෝලීන්ට සතුටුදායක ආරංචියක් - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අලුතෙන් ඇප් එකක්