ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවක අර්ථසාධක මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ

Report

දායක මුදල් ගෙවීම් සම්බන්ධයෙන් සේවක අර්ථසාධක අරමුදල් මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. සේවකයින් 15 දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින සියලුම ආයතන මින් ඉදිරියට ඔවුන්ගේ ETF දායක මුදල් ගෙවීම් සහ මාසික ප්‍රකාශන සම්පූර්ණයෙන්ම ඩිජිටල් ආකෘතියකින් පමණක් ඉදිරිපත් කළ යුතු බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

ඒ අනුව, අගෝස්තු 30 වන දිනට පෙර ගෙවිය යුතු ETF දායක මුදල් ගෙවීම් වලින් මෙම නියෝගය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව සේවක අර්ථසාධක අරමුදල් මණ්ඩලය නිවේදනය කර ඇත.

සුළු මොහොතකට පෙර ලාෆ්ස් ගෑස් මිලත් පහළට - ලොකු ගාණකින් මිල බස්සයි

සුළු මොහොතකට පෙර ලාෆ්ස් ගෑස් මිලත් පහළට - ලොකු ගාණකින් මිල බස්සයි

මේ සඳහා නම් කරන ලද වාණිජ බැංකු නවයක් හරහා ඩිජිටල් බැංකු පහසුකම් ලබා දී ඇත. එම බැංකු සමඟ ගිණුම් නොමැති සේවා යෝජකයින්ට වෙනත් බැංකුවක් හරහා සෘජු හර කිරීම භාවිතයෙන් ETF දායක මුදල් ගෙවීම් ගෙවිය හැකිය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සේවක අර්ථසාධක අරමුදල් මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් සහ ළඟම ඇති ප්‍රාදේශීය කාර්යාලවලින් ලබා ගත හැකිය. අරමුදලේ නිල වෙබ් අඩවියට ද පිවිසිය හැකිය. එහි ලිපිනය www.etfb.lk වේ.

සුළු මොහොතකට පෙර ගෑස් මිල පහළට - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ

සුළු මොහොතකට පෙර ගෑස් මිල පහළට - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ