අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

Report

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව, ශ්‍රී ලංකා පොලිසිය විසින් සෙවූ ප්‍රධාන සැකකරුවෙකු මාලදිවයිනේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස විදේශයකදී කොටුකරගත් අදාළ සැකකරුවාව විශේෂ ආරක්ෂාවක් යටතේ අද (04) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා නැවත ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.

ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙන් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ

ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙන් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ

මෙම ද්විත්ව ඝාතනය සිදුකළ කුලී වෙඩික්කරුවන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා දෙමින් අපරාධයට සෘජුවම ආධාර අනුබල දුන් බවට මෙම පුද්ගලයාට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී ඇත.

දිවයිනට රැගෙන ආ සැකකරුගෙන් ඉදිරි ප්‍රශ්න කිරීම් සිදු කිරීම සහ ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනීම සඳහා ඔහුව වැඩිදුර විමර්ශන කටයුතු භාර බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත භාරදීමට පොලිසිය පියවර ගෙන තිබේ.

මාළු මිල ඉහළට - නව මිල මෙන්න

මාළු මිල ඉහළට - නව මිල මෙන්න