ඔබේ ෆෝන් එකටත් මෙහෙම "Messages" එනවාද? අහුවෙන්න එපා -පොලිසියෙන් නිකුත් කළ හදිසි රන්වන් උපදෙස මෙන්න
By Kanchana
බොහෝ විට සැක සහිත පණිවිඩ ඔබටත් ලැබීමට ඉඩ ඇති බවත්, ඒවාට රැවටීමෙන් වළකින ලෙසත් පොලීසිය මහජනතාවට උපදෙස් දී ඇත.
මෙවැනි පණිවිඩ බොහෝවිට වංචනික අරමුණු සඳහා යොදාගන්නා අතර, පුද්ගලික තොරතුරු ලබාගැනීම හෝ මුදල් වංචා කිරීම සඳහා ප්‍රයෝජනයට ගන්නා බව සඳහන් වේ.
එබැවින් නොදන්නා හෝ සැක සහිත ලින්ක්, පණිවිඩ හෝ ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වීමෙන් වළකින ලෙස පොලීසිය අවධාරණය කරයි.
මෙවැනි අවස්ථාවක, පණිවිඩයේ සත්‍යතාව පරීක්ෂා නොකර කිසිදු පුද්ගලික තොරතුරක් හෝ බැංකු තොරතුරු ලබා නොදෙන ලෙසත්, සැකයක් ඇති වුවහොත් අදාළ ආයතන හෝ පොලීසිය දැනුවත් කරන ලෙසත් උපදෙස් දී ඇත.
ඒ අනුව, මෙවැනි “Massages” ලෙස ලැබෙන වංචනික පණිවිඩ වලට නොරැවටී සාවධානව කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.