දරුණු අනතුරක් - ත්‍රිකුණාමල මුහුදේදී ධීවර යාත්‍රාවක් අනතුරකට හිමිකරුත් අතුරුදන්

Report

ත්‍රිකුණාමලය මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 03ක් පමණ දුරින් පිහිටි සාගර කලාපයේදී අනතුරට පත් වූ යාත්‍රාවක සිරවී සිටි ධීවරයන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.

නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින් මෙලෙස බේරාගෙන ඇත්තේ එකම පවුලේ පියා සහ පුත්‍රයා බව වාර්තා වේ.

කෙසේ වෙතත්, අනතුරට ලක්වන අවස්ථාවේදී එම බෝට්ටුවේ ගමන් කළ එහි හිමිකරු බව කියන අනෙක් පුද්ගලයා මේ වන විට අතුරුදන්ව ඇති අතර, ඔහුව සෙවීම සඳහා නාවික හමුදාව විසින් විශේෂ මුහුදු මෙහෙයුමක් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.

ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙන් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ

ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙන් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ

මෙම ධීවරයන් තිදෙනා ඊයේ (03) උදෑසන කාලයේදී සාමාන්‍ය පරිදි රැකියා කටයුතු සඳහා මුහුදු ගොස් තිබේ.

එහිදී ඔවුන් ගමන් ගත් යාත්‍රාව අනතුරකට මුහුණ දී ඇති බවට චීන වරාය පොලිස් ස්ථානය වෙත මුලින්ම තොරතුරක් ලැබී ඇති අතර, ඒ පිළිබඳව වහාම නාවික හමුදාව දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම හදිසි බේරාගැනීමේ මෙහෙයුම් කටයුතු දියත් කර ඇත.

ඔබේ ෆෝන් එකටත් මෙහෙම "Messages" එනවාද? අහුවෙන්න එපා -පොලිසියෙන් නිකුත් කළ හදිසි රන්වන් උපදෙස මෙන්න

ඔබේ ෆෝන් එකටත් මෙහෙම "Messages" එනවාද? අහුවෙන්න එපා -පොලිසියෙන් නිකුත් කළ හදිසි රන්වන් උපදෙස මෙන්න