පාකිස්තාන ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අතර විශේෂ හමුවක්

Report

නිල රාජකාරී සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පාකිස්තාන ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් මුහම්මද් අලි  මහතා සහ මෙරට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (03) දින පවත්වා තිබේ.

මෙම නිල හමුව කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි. පසුගිය ජූලි මස 01 වැනිදා පාකිස්තාන ආරක්ෂක ලේකම්වරයා මෙරටට පැමිණියේ 06 වැනි වරටත් පවත්වනු ලබන "පාකිස්තාන - ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදය"සඳහා සහභාගී වීමේ අරමුණිනි.

ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවක අර්ථසාධක මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ

ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවක අර්ථසාධක මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ

දෙරටටම පොදුවේ වැදගත් වන ආරක්ෂක උපායමාර්ග රැසක් මුල් කරගනිමින් පැවැති මෙම සාකච්ඡාවේදී, දෙරට අතර පවතින ආරක්ෂක සබඳතාවල වත්මන් ප්‍රගතිය, හමුදාමය සබඳතා තවදුරටත් පුළුල් කිරීම මෙන්ම කලාපීය ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ප්‍රධාන වශයෙන් කරුණු විශ්ලේෂණය විය.

මීට අමතරව, සමුද්‍රීය කලාපීය දැනුවත්භාවය සහ ආපදා කළමනාකරණය වැනි සුවිශේෂී ක්ෂේත්‍රයන්හි පවතින ද්විපාර්ශ්වික විභවතාවන් පිළිබඳව ද දෙපාර්ශවයේ සෘජු අවධානය යොමුව තිබේ.

විශේෂයෙන්ම හදිසි ආපදා අවස්ථාවලට මුහුණ දීම, පූර්ව සූදානම සහ ආපදා අවදානම් අවම කරගැනීම සඳහා ඒකාබද්ධ පුළුල් වැඩපිළිවෙළක් සකස් කිරීමේ වැදගත්කම නායකයන් දෙපළ මෙහිදී පෙන්වා දුන්හ.

තණමල්විල - උඩවලව ප්‍රධාන මාර්ගයේ මාරක අනතුරක් - දෙදෙනෙක් මරුට

තණමල්විල - උඩවලව ප්‍රධාන මාර්ගයේ මාරක අනතුරක් - දෙදෙනෙක් මරුට

ඒ අනුව, ඉදිරියේදී ඒකාබද්ධ සම්බන්ධීකරණ රැස්වීම් පැවැත්වීම, කාලගුණ අනාවැකි හා දත්ත අන්‍යොන්‍ය වශයෙන් හුවමාරු කරගැනීම මෙන්ම කලාපීය ආපදා කළමනාකරණ පුහුණු අභ්‍යාස සඳහා සක්‍රීයව දායක වීම වැනි සහයෝගීතා යාන්ත්‍රණයන් තවදුරටත් ඉදිරියට රැගෙන යාමට ද දෙරටේ නියෝජිතයෝ එකඟතාවකට පැමිණියහ.