රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

Report

ඉරාකයේ දූෂණ විරෝධී මෙහෙයුමකින් පාර්ලිමේන්තු මන්ත්‍රී හින්ද් අල්-අබ්බාසිගේ නිවසින් ඩොලර් මිලියන 57 ක මුදල්, පිරිසිදු රත්‍රන් කිලෝග්‍රෑම් 27 ක් සහ රන් ආලේපිත යට ඇඳුම් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

ඒ අනුව එම විමර්ශනයේ කොටසක් ලෙස, මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 47 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ. මෙම මෙහෙයුම මහජන මුදල් අවභාවිතය සහ දූෂණ චෝදනා පිළිබඳ පුළුල් විමර්ශනයක කොටසක් ලෙස දක්වයි.

කෙසේ වෙතත් ඉරාක පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ මන්ත්‍රී හින්ද් අල්-අබ්බාසි පෙනී සිටියද, චෝදනා එල්ල වූ සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිල ආයතනවලින් ලැබුණු සවිස්තරාත්මක ප්‍රකාශ තවමත් තහවුරු කර නොමැති බව සඳහන්.

මත් ලෝලීන්ට සතුටුදායක ආරංචියක් - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අලුතෙන් ඇප් එකක්

මත් ලෝලීන්ට සතුටුදායක ආරංචියක් - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අලුතෙන් ඇප් එකක්

මෙම ඉරාකයේ සිදු වූ නවතම සිදුවීම අගමැති අලි අල්-සයිද්ගේ රජය මඟින් දියත් කරන ලද පුළුල් දූෂණ විරෝධී මෙහෙයුමක කොටසක් වේ.

එම මෙහෙයුම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ඉලක්ක කර ගෙන තිබූ අතර ආරක්ෂක හමුදා ප්‍රධාන ලෙස බැග්ඩෑඩ්හි ස්ථාන කිහිපයක වැටලීම් සිදු කර ඇත.

මේ අතර රඳවාගෙන සිටි 47 දෙනා අතර අවම ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ගණනාවක් ද වූ අතර දූෂණ විමර්ශනවලදී ඩොලර් මිලියන ගණනක මුදල්, රත්‍රන්, ආයුධ සහ පතොරම් රාශියක් අත්අඩංගුවට ගත් බව සඳහන්.  

සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් - අදත් මේක නොකළොත් වැඩ වරදියි

සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් - අදත් මේක නොකළොත් වැඩ වරදියි

සියලුම පාසල්වලට විශේෂ දැනුම්දීමක් - 6 වසරේ සිට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි ප්‍රතිපාදනත් වෙන් කරයි

සියලුම පාසල්වලට විශේෂ දැනුම්දීමක් - 6 වසරේ සිට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි ප්‍රතිපාදනත් වෙන් කරයි

GalleryGallery