මාළු මිල ඉහළට - නව මිල මෙන්න

Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දේශීය වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ගණන් නැවත වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

මේ දිනවල මුහුදු කලාපයේ පවතින දැඩි රළු ස්වභාවය හේතුවෙන් ධීවර ප්‍රජාව රැකියා කටයුතු සඳහා මුහුදු යාම සීමා කිරීම මීට ප්‍රධානතම හේතුව වී ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා ප්‍රකාශ කළේය.

ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවක අර්ථසාධක මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ

ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවක අර්ථසාධක මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ

මත්ස්‍ය සැපයුම පහත වැටීම නිසා පාරිභෝගිකයන්ට වැඩි මිලක් ගෙවීමට සිදුව ඇත. ඒ අනුව අද (04) දින වාර්තා වූ මිල ගණන්වලට අනුව බහුලව පරිභෝජනය වන සාලයා කිලෝවක තොග මිල රුපියල් 1,000 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර ලින්නා කිලෝවක් රුපියල් 1,200 කටත්, කෙලවල්ලා කිලෝවක් රුපියල් 1,600 කටත් වෙළෙඳපොළේ අලෙවි විය.

මීට අමතරව උසස් තත්ත්වයේ මත්ස්‍ය වර්ගයක් වන තෝරා කිලෝවක මිල රුපියල් 3,000 ක් වැනි ඉහළ අගයක සටහන් වූ බව ද ව්‍යාපාරික සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

රැජිණ චිත්‍රපටයට පවුලෙන් අවසර අරන් දෙන්න සමනලී අධ්‍යක්ෂකගෙන් කෝටි 2ක් ඉල්ලලා ද? - සියල්ල හෙළි වේ

රැජිණ චිත්‍රපටයට පවුලෙන් අවසර අරන් දෙන්න සමනලී අධ්‍යක්ෂකගෙන් කෝටි 2ක් ඉල්ලලා ද? - සියල්ල හෙළි වේ