සුප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් උඩ කරපු විවාහ යෝජනාවේ වීඩියෝවෙන් ලෝකෙම කැළඹෙයි - කරපු දෙයින් බිමට බහින්නත් කළින්ම යුවළ අත්අඩංගුවට [VIDEO]
නිව්යෝර්ක් නගරයේ සුප්‍රසිද්ධ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ වහලය මත කළු ඇඳුමින් සැරසුණු සහ වෙස්මුහුණු පැළඳ සිටින යුවළක් දැකිය හැකි වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.
ඒ අනුව ජූලි 1 වන දින, එනම් ඊයේ දින 33 හැවිරිදි ඇන්ජෙලා නිකොලාව් සහ 32 හැවිරිදි වාන්යා බීර්කස් නැමති මෙම රුසියානු යුවළ, මෑන්හැටන් නුවරින් අඩි 1,454ක් ඉහළින් පිහිටි මෙම ගොඩනැගිල්ලේ ඇන්ටනා කුලුන මතට නැඟ ඇත.
එසේම එහි සිට සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා සජීවී දර්ශන ද මුදාහැර ඇති අතර එම දර්ශනවල සඳහන් ආකාරයට යුවළ ගොඩනැගිල්ලේ මුදුනේ දෘශ්‍යමාන ආරක්ෂක උපකරණ නොමැතිව සිටිනු දැකිය හැකි බව සඳහන්.
රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට
පසුව ඔවුන් වේදිකාවක් මතට බැස, යුවළ සිප ගනිමින්, බැනරයක් දිග හැරි අතර එහි සටහන් වූයේ, "ආදරයේ බලය බලයේ ආදරය පරාජය කළ විට ලෝකය සාමය දනී." යනුවෙන්.
එසේම මොවුන් දෙපළ අතර එහිදී විවාහ යෝජනාවක් ද සිදු ව ඇති අතර පසුව ඔවුහු වැළඳගෙන සිපගනිමින් සිය සතුට පළ කර ඇති බව වාර්තා වේ. මේ අතර හිස්වැස්මක් පැළඳ සිටි ඇන්ජෙලා, තමන්ට ලැබුණු විවාහ ගිවිස ගැනීමේ මුදුව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කිරීමට ඡායාරූප ගන්නා අයුරු ද ගුවන් දර්ශනවල සටහන්ව ඇති බව සඳහන්.
කෙසේ වෙතත් වාර්තා වූ ආකාරයට මෙම යුවළ උස් ගොඩනැගිලි මුදුනට නැගීමේ (Rooftopping) වික්‍රමාන්විතයන් හේතුවෙන් ප්‍රසිද්ධ අතර, ඔවුන්ගේ මෙම ජීවිත කතාව අළලා 2024 වසරේදී Netflix ඔස්සේ "Skywalkers: A Love Story" නමින් වාර්තා චිත්‍රපටයක් ද නිකුත් කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟ නිව්යෝර්ක් පොලිසිය වහාම ක්‍රියාත්මක වී ගොඩනැගිල්ල අවට මාර්ග වසා දැමූ අතර, ඉන් අනතුරුව කිසිදු බාධාවකින් තොරව මෙම යුවළ සිය භාරයට ගත් බව නිවේදනය කර සිටියා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇති බවයි. කෙසේ වෙතත් මොවුන් ආරක්ෂක වළලු බිඳදමා ඇන්ටනාව වෙත ළඟා වූයේ කෙසේද යන්න මෙතෙක් හෙළි වී නැති බව පවසයි. .
බලයට ඇවිත් මාස දෙකක් යන්නත් කළින් තලපති විජේගේ රජය පෙරළෙයි.. මුළු තමිල්නාඩුවම උණුසුම් කරමින් දේශපාලන කුමන්ත්‍රණයක් එළි වෙයි
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,
Two Russian climbers scaled New York’s Empire State Building on Wednesday as part of a death-defying marriage proposal.
— Al Jazeera English (@AJEnglish) July 1, 2026
Ivan Beerkus and Angela Nikolau, stars of Netflix’s “Skywalkers” documentary, were arrested after dangling from the iconic 1,500-foot building’s spire. pic.twitter.com/6sPiAPeUBc