ධුර කාලය අවසන් කරන ස්විට්සර්ලන්ත තානාපතිනිය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර විශේෂ හමුවක්

Report

රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනිය ආචාර්ය සිරි වෝල්ට් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර, තානාපතිනියගේ ධුර කාලය අවසන් වීම සම්බන්ධයෙන් විශේෂ හමුවක් පවත්වා තිබේ.

මෙම හමුවේදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා තානාපතිනිය ලබාදුන් දායකත්වය අග්‍රාමාත්‍යවරිය විසින් අගය කර ඇත.

ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව, විශේෂයෙන් තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රය කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වී තිබේ.

කර්මාන්ත ක්ෂේත්‍රයේ ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා අනුව ගැළපෙන ලෙස තරුණ තරුණියන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා වෘත්තීය පුහුණු වැඩසටහන් සංවර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

එම ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම තුළින් ශ්‍රම බලකායේ කුසලතා ඉහළ නැංවීම, රැකියා අවස්ථා වර්ධනය කිරීම සහ දිගුකාලීන ආර්ථික සංවර්ධනයට දායක විය හැකි බව තානාපතිනිය මෙහිදී පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දෙපාර්ශ්වයටම වැදගත් වන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා මෙහිදී අවධානය යොමු වී ඇත.

ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් අගමැතිනිය හමුවට

ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් අගමැතිනිය හමුවට

පාතාල කණ්ඩායම් එක තැනකට එකතු වෙලා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගන්න සාකච්ඡා කරලා.. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය භයානක තත්ත්වයක්

පාතාල කණ්ඩායම් එක තැනකට එකතු වෙලා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගන්න සාකච්ඡා කරලා.. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය භයානක තත්ත්වයක්