බිහිසුණු අනතුරකින් කාන්තාවක් සහ දරුවකු ජීවිතක්ෂයට - අනතුර මැද සොරකමකුත් - සියල්ල CCTV කැමරාවක [VIDEO]
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ පයාගල, කටුකුරුන්ද ප්‍රදේශයේ බස් රථයක් හා ත්‍රීවිල් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව ඇත. එම අනතුරෙන් ත්‍රීවිල් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ කුඩා දරුවකු මිය ගොස් ඇති බව පයාගල පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව ඊයේ (01) රාත්‍රී 12ට පමණ සිදුව ඇති මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ සිටි තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකු බරපතළ තත්ත්වයේ සිටින බව සඳහන්.
මේ අතර අනතුර සිදුවන අයුරු බසයේ ඉදිරිපස සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබුණේ කොළඹ සිට මාතර දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක්, කළුතර කටුකුරුන්ද ප්‍රධාන බස් නැවතුම්පොළ් නවතා නැවත ගමන් ආරම්භ කිරීමේදී ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථය එකවරම බස් රථයේ ඉදිරිපස ගැටී ඇති බවයි.
රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට
මෙහිදී ත්‍රිරෝද රථයේ ගමන් කර තිබුණේ, එකම පවුලේ පිරිසක් වන අතර, 62 හැවිරිදි මිත්තණිය සහ 12 හැවිරිදි පිරිමි දරුවා බරපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.
එමෙන්ම ත්‍රිරෝද රථය මියගිය දරුවාගේ සීයා විසින් පදවා ඇති අතර ඔහුද බරපතළ තුවාල ලබා කළුතර රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ. එමෙන්ම තවත් කාන්තාවකට සුළු තුවාල සිදුව ඇති බව පවසයි.
වාර්තා වූ ආකාරයට මෙසේ අනතුරට පත්ව ඇත්තේ කළුතර දුවේ පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් බේරුවල ප්‍රදේශයේ පොසොන් සිරි නරඹා නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
බස් රථය බස් නැවතුම්පොළේ නවතා යළි ඉදිරියට ගමන් කරන විට ඉදිරිපසින් පැමිණි ත්‍රීරෝද රථය පෙරළී ගොස් බස් රථයේ ගැටී ඇති අතර ත්‍රිරෝද රථයේ රියදුරාට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැක පළ කරයි.
කෙසේ වෙතත් එම අතර අතරතුර සිදුවු අවස්ථාවේ බසයේ සිටි මගියෙකු බස් රියදුරාගේ වාහන බලපත්‍ර සහිත බෑගය සොරකම් කර ඇති අතර, සොරකම බස් රථයේ තිබූ CCTV කැමරාවක සටන්ව ඇත.
ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ණය තුරුස්වලින් නිදහස් වීමට මඟක් - ආර්ථිකය සුබම සුබයි
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,