මිස්ටර් කොත්තුගෙන් තවත් විඩියෝවක් එළියට - මිස්ටර් කොත්තු එක කඩාගෙන වැටෙනවා අපිට උදව් කරන්න [VIDEO]

Report

පසුගිය දිනවල බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුණු ව්‍යාපාරිකයෙක් ලෙස විරාජ් වික්‍රමනායක හඳුන්වන්න පුළුවන්.

බොහෝ දෙනෙක් ඔහුව හඳුන්වන්නේ මිස්ටර් කොත්තු කියන නමෙන්.

නමුත් පසුගිය දවසක සිය සේවකයන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් පහර දුන් වීඩියෝ පටයක් නිකුත් වීමත් සමගම ඔහුව අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කිරීම සිදු විය.

ඒ අනුව ඇප මත නිදහස් වූ ඔහු මේ වන විට ලෝකවාසී ලංකාවාසී සියලුම දෙනාගෙන් උදව් උපකාර බලාපොරොත්තු වෙන බවට වීඩියෝ පටයක් මගින් සඳහන් කර තිබේ.

එහිදී ඔහු සංවේදී වෙමින් සඳහන් කර තිබෙන්නේ ඔහු අතින් වරදක් උනා ඒ වරදට සමාව දීලා ඔහුගේ ව්‍යාපාරය නැවත ගොඩ ගන්න ඔහුට උදව් වෙන ලෙසයි.

මිස්ටර් කොත්තුට ආයෙත් වැඩ වරදියි - රජයෙන් විශේෂ නියෝග කීපයක් සමඟ සියලු ශාඛාත් පරික්ෂාවට

මිස්ටර් කොත්තුට ආයෙත් වැඩ වරදියි - රජයෙන් විශේෂ නියෝග කීපයක් සමඟ සියලු ශාඛාත් පරික්ෂාවට

ඒ වගේම මේ වන විට mr කොත්තු ව්‍යාපාරය දිනෙන් දින කඩා වැටෙන අතර ව්‍යාපාර නඟා සිටුවීමේ ආයතනයක් හෝ පුද්ගලයෙක් සිටී නම් ඔවුන්ට උදව් කරන ලෙස ද ඔහු අයැද සිටි.

එමෙන්ම සිදුවූ වැරැද්දට පහර පිට පහර එල්ල කරනවා වෙනුවට ඔහුගේ ව්‍යාපාරය නැවත ගොඩනගාගෙන මිස්ටර් කොත්තු එකෙන් එක කොත්තුවක් හරි අරගෙන උදව් කරන්නේ ඇයි සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ නමුත් කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද සඳහන් කොට තිබුණේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකොට සේවකයන්ට සිදුවූ අසාධාරණකම් පිළිබඳව විමර්ශනය කරන ලෙසයි.

රජය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි - පාරිභෝගික ජනතාවට සහනයක්

රජය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි - පාරිභෝගික ජනතාවට සහනයක්