දරුණු ලොරි අනතුරක් දෙදෙනෙක් මරුට
පොලිස් මූලස්ථානය වාර්තා කර ඇත්තේ නාරම්මල හොරොම්බාව මාවීඇල මාර්ගයේ ඇලහිටියාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මියගොස් ඇති බවයි.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ අනතුර අද (12) අලුයම සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූ දෙදෙනකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි ද පොලීසිය පවසනවා.
අනතුරින් වයස අවුරුදු 26 හා 29 යන වයස්වල පසු වූ වව්නියාව හා නෙදුන්කර්නි ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් මියගොස් ඇත.
නාරම්මල පොලිස් වසමේ හොරොම්බාව මාවී ඇල මාර්ගයේ අලහිටියාව ප්‍රදේශයේදී හොරොම්බාව දෙසට ධාවනය වූ ලොරි රථයක් එහි රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක හා බෝක්කුවක ගැටී පෙරලී ගොස් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් ලොරි රථයේ පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු එම ලොරි රථයටම යට වී බරපතල තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති අතර මෘත ශරීර නාරම්මල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.