පන්සලකට බෝම්බ ප්‍රහාර දෙකක් - 24ක් මරුට

Report

පසළොස්වක පොහොය දිනයේ මියන්මාරයේ පැවති තාදිංයූත් (Thadingyut) නමැති බෞද්ධ ආලෝක පූජෝත්සවය අතරතුර මෝටරයක් සහිත පැරාග්ලයිඩරයක් යොදාගෙන එල්ල කළ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත.

බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තවත් 47 දෙනෙකු තුවාල ලබා ඇති අතර වාර්තා වන ආකාරයට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව වාර්තා වේ.

සඳුදා සවස මියන්මාර් හමුදාව විසින්, පසළොස්වක පොහොය දිනයේ පැවති ආලෝක පූජෝත්සවය සඳහා මධ්‍යම මියන්මාරයේ චාවුං යූ නගරයේ පුද්ගලයින් 100 දෙනෙකු පමණ රැස්ව සිටි අවස්ථාවකදී මෙම ප්‍රහාරය දියත් කර ඇත.

අතිශය දරුණු ගුවන් අනතුරක් කටුනායක අත්වැරැද්දක්? නූලෙන් බේරේ

අතිශය දරුණු ගුවන් අනතුරක් කටුනායක අත්වැරැද්දක්? නූලෙන් බේරේ

එම පිරිස බෞද්ධ ආගමික වතාවත් අනුව පහන් දැල්වීමෙන් පසු, හමුදා ජුන්ටාවට එරෙහිව ඉටිපන්දම් දල්වා සාමාකාමී විරෝධතාවක ද නිරත වී තිබේ.

2021 වසරේදී හමුදාව බලය අල්ලා ගත් දා සිට දහස් ගණනක් මිය ගොස් මිලියන ගණනක් අවතැන් වී ඇති අතර, එමගින් හමුදා විරෝධී සන්නද්ධ කණ්ඩායම් සහ වාර්ගික සටන්කරුවන් සමග සිවිල් යුද්ධයකට මග පාදා ඇත.

අද දවල් 1න් පස්සේ ප්‍රවේශමෙන් අනතුරක් වෙන්න පුළුවන්

අද දවල් 1න් පස්සේ ප්‍රවේශමෙන් අනතුරක් වෙන්න පුළුවන්