එළවලු ලොරියයි ඉන්ධන බවුසරයයි එකට ගැටී දෙදෙනෙකුට බරපතලයි ..
By Piyumika
මිහින්තලයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මිහින්තලය පොලිසිය පැවසීය.
එහිදී යාපනයේ සිට දඹුල්ල දක්වා ධාවනය වූ එළවලු රැගත් ලොරි රථයක් අද (20) අළුයම A9 මාර්ගයේ මිහින්තලයේ පලුගස්වැව ප්‍රදේශයේදී මාර්ගයේ නවතා තිබූ ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුලත් කෙරුණි.
අනතුරු සිදුවන අවස්ථාවේ ලොරි රථයේ තිදෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් ලොරි රථයේ ගමන් ගත් රිය සහායක සහ ලොරි රථයේ හිමිකරුයි තුවාල ලබා තිබේ .
ලොරි රථයේ රීදුරට නින්දියාම හේතුවෙන් මෙම අනතුරු සිදුව ඇති බවයි පොලිසිය සැකකරනුයේ.
සිද්ධියට අදාල වැඩිදුර පරීක්ෂණ මිහින්තලය පොලිසියේ රථවාහන අංශය විසින් සිදුකරනු ලබයි.