සියඹලාණ්ඩුව නගරයේ දී ලොරි රථයක රියදුරා විසින් එම ලොරි රථයේ අත් තිරිංග (හෑන්ඩ් බ්‍රේක්) ක්‍රියාත්මක නොකර ලොරි රථයෙන් බැස ගිය මොහොතේ එම ලොරි රථය මාර්ගයේ ධාවනය වී ඇත .
රියදුරු නොමැතිව ධාවනය වන එම ලොරි රථය දුටු අසල වෙළෙඳසැළක සිටි තරුණයෙක් වහාම ක්‍රියාත්මක වී දිවගොස් ධාවනය වන ලොරි රථයට ඇතුළු වි ලොරි රථය නවතා ගැනීමට කටයුතු කර තිබේ .
එම නිසා සිදු වන්නට ගිය විශාල අනතුර වැළකී ඇති අතර මෙම සිදුවීම අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබිණි.