අඟුරුවාතොට ඝාතනය වූ මව සහ දියණිය මිහිදන් කිරිමේ දී සුසාන භූමිය තුළ දෙපිරිසක් ගැටෙයි - පොලිසියත් මැදිහත් වෙයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Jul 23, 2023 02:09 PM GMT
krishani

krishani

Report

අඟුරුවාතොට දී ඉකුත් 18 වැනි දා පස්වරුවේ දී අතුරුදහන් වූ මව සහ ඇඟේ කුඩා දියණිය රත්මල්ගොඩ ප්‍රදේශයේ කැලෑවකට විසිකර තිබිය දී සොයාගනු ලැබීය.

ඊයේ (22) ඔවුන් පදිංචිව සිටි නිවෙසට එම සිරුරු රැගෙන ආ අතර ඇගේ සිරුරු තැන්පත් කර තිබූ පෙට්ටියට ද සිල් තබා තිබිණ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇගේ සැමියගේ මස්සිනා පොලිස් අත්අඩංගුවට පත් විය.

ඔවුන්ගේ අවසන් කටයුතු සිදු වන විට සුසාන භූමියේ දී දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙනවා.

ඒ දේහයන් භූමදානය කිරීමෙන් පසු මියගිය කාන්තාවගේ සහ සැමියාගේ පාර්ශවයේ දෙපිරිසක් අතර ය.

කෙසේ වෙතත්, අඟුරුවාතොට පොලිසිය සහ අමතර කණ්ඩායම් විසින් එම ගැටුම සමථයකට පත් කෙරිණ.

ReeCha