දෙවියනේ මාරක අනතුරු දෙකක් - දෙදෙනෙක් මරුට

Report

අද දින සිදුවූ මාරක අනතුරු දෙකක් හේතුවෙන් දෙදෙනකොට දිවි අහිමි වී තිබේ.

ඒ අනුව කොළඹ මහනුවර මාර්ගයේ අලුත්ගම බෝගමුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වේ.

මෙහිදී කොළඹ සිට මහනුවර දෙසට ගමන් කිරීමේ දී යතුරුපැදියක් යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගය පෙරළී ගොස් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටී මෙම අනතුර සිදුවී තිබෙන බවට වාර්තා වේ.

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

අනතුරෙන් බරපතල තුවාල ලැබූ පැදිකරු ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ කටුවස්ගොඩ, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බෙම්මුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

එමෙන්ම අනුරාධපුර පාදෙණිය මාර්ගයේ දිවුල්ලෑව ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ. අනුරාධපුර දෙස සිට පාදෙණිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අද රන් මිල ඇහුවොත් පිස්සු හැදෙයි - නවතම මිල ගණන් මෙන්න

අද රන් මිල ඇහුවොත් පිස්සු හැදෙයි - නවතම මිල ගණන් මෙන්න

අනතුරින් පැදිකරු හා පදික කාන්තාව බරපතළ තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව පදික කාන්තාව මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 77ක් වූ කොණ්ඩදෙණිය, කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියකි.අනතුර සම්බන්ධයෙන් පැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ආණ්ඩුවේ බලය ගත් මාලිමාවට අති දැවැන්ත පරාජයක් - මෙන්න විස්තරය

ආණ්ඩුවේ බලය ගත් මාලිමාවට අති දැවැන්ත පරාජයක් - මෙන්න විස්තරය