වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න
නව රජය බලයට පත් වී ඔවුන්ගේ දෙවැනි අය වැය පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණි. එහිදී වාහන ආනයනය පිළිබඳවද බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු විය.
ඒ අනුව පෙරට වඩා වාහන ආනයනයට තිබූ අවස්ථාවන් පුළුල් කර තිබේ.
නමුත් වාහනයක් සිහිනයක් විදිහට හිතේ තියාගෙන ඉන්න බොහෝ දෙනෙක්ට ටිකක් අසුභ ආරංචියක් ගැන තමයි මේ කියන්න යන්නේ.
මේ අනුව සමාජ ආරක්ෂණ බද්දක් සමග වාහන මිලය යම් වෙනසක් සිදුවිය හැකි බව විවිධ පාර්ශ්ව පවසා සිටි. මීට අමතරව මේ සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ද විවිධ අදහස් පළ කර තිබේ.
උදාහරණයක් ලෙස ලක්ෂ සීයක් පමණ වන ආනයනිකවාහනයක් රු.250,000පමණ එනම් සීයට දෙකයි දශම පහකින් පමණ වැඩිවීමට නියමිත බව ඔවුන් පුරෝකතනය කරයි.
එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාහන ලීසිං පහසුකම් සඳහා අදාළ වන උපරිම 'ණයට - වටිනාකම අනුපාතය' (LTV) නැවත සංශෝධනය කරමින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
නව මාර්ගෝපදේශ අනුව, මින් පෙර පැවති කාණ්ඩ 4 වෙනුවට ප්‍රධාන කාණ්ඩ 2ක් යටතේ උපරිම ලීසිං ප්‍රතිශතය අඩුකර තිබෙනවා. එම සීමාවන් වාහන කාණ්ඩය අනූවයි වෙන් වශයෙන් දක්ව තිබෙන්නේ.
ඒවා (LTV) වාණිජ වාහන (Commercial Vehicles) 70% පුද්ගලික වාහන (Private Vehicles - කාර්, වෑන්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් පුද්ගලික භාවිත වාහන) 50%ක් ලෙස සඳහන්. පැරණි ලීසිං සීමාවන්හි අඩු කිරීමට පෙර, එනම් පසුගිය ජූලි මාසයේදී, මහ බැංකුව විසින් වෙනම LTV කාණ්ඩ හතරක් නිවේදනය කර තිබුණා.
නව සංශෝධනය මගින් එම කාණ්ඩ පහත පරිදි සරල කර ඇති බව සඳහන්. ඒ අනූව පෙර පැවති වාණිජ වාහන LTV අනුපාතය 80% සිට 70% දක්වා අඩු කර තිබෙනවා.
පෙර පැවති පුද්ගලික වාහන (කාර්/වෑන්) LTV අනුපාතය 60% සිට 50% දක්වා අඩු කර තිබෙන බවයි සඳහන්. මේ අනූව ත්‍රිරෝද රථ සහ අනෙකුත් පෞද්ගලික භාවිත වාහනවල 50% සහ 70% වූ LTV අනුපාතය දැන් 50% දක්වා අඩු වී තිබෙනවා.