ඔර්නාබ් සුළි කුණාටුව හේතුවෙන් තවත් දරුණු තත්ත්වයක් - ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රා 25ක් පමණ මහ මුහුද මැද

Report

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති ‘ඔර්නාබ්’ සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවට ආසන්න මුහුදු සීමාවේ සිරවී සිටි ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රා 25කට ආසන්න සංඛ්‍යාවකට ආරක්ෂාව පතා ඉන්දීය දේශසීමාවට ඇතුළු වීමට අවසර හිමිව තිබේ.

අයහපත් කාලගුණය හමුවේ එම යාත්‍රාවලට යළි ශ්‍රී ලංකාව බලා යාත්‍රා කිරීමට පැවති බාධාවන් සැලකිල්ලට ගනිමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා සිදුකළ විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ඉන්දීය රජය මෙම අවසරය ලබාදී ඇත.

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2026 ඔක්තෝබර් 27 දින නිවේදනයට අනුව මෙම සුළි කුණාටුව ඔක්තෝබර් 28 වනදා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ ජනතාවට රජයෙන් නිවේදනයක් - වහාම මේ සහනාධාරය ලබා ගන්න අවසන් වීමට නියමිතයි

මේ ජනතාවට රජයෙන් නිවේදනයක් - වහාම මේ සහනාධාරය ලබා ගන්න අවසන් වීමට නියමිතයි

ඒ අනුව උතුරු අක්ෂාංශ 10 - 20 ත්, නැගෙනහිර දේශාංශ 80 - 95 ත් අතර මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 140 දක්වාත්, මුහුදු රළ මීටර් 4.0 දක්වාත් ඉහළ යා හැකි බැවින් එම බලපෑමට ලක්වූ කලාපවලින් වහාම ඉවත් වන ලෙස අදාළ යාත්‍රාවලට දැනුම් දී තිබේ.

තවද සියලුම යාත්‍රා හිමිකරුවන් ඉදිරියට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් දැනුවත් කර ඇති අතර, නිකුත් කරන ඉදිරි කාලගුණික නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස සමස්ත ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.