මේ පාසල් පරිශ්රයේ නායයාම් අවදානමක් - පාසල් සිසුන්ගේ ජීවිත අනතුරේ බවට දෙමාපියන්ගෙන් චෝදනා
කොළඹ - මඩකළපුව A-4 ප්රධාන මාර්ගය අද්දර පිහිටි හල්දුම්මුල්ල අධ්යාපන කොට්ඨාසයට අයත් නිකපොත මහා විද්යාල පරිශ්රය දැඩි නායයාමේ අවදානමකට ලක්ව ඇති බව දෙමාපියන් පෙන්වා දෙයි.
පසුගියදා විද්යාල පරිශ්රයේ පිහිටි පස් කන්දක් නායගොස් ඇති අතර, පාසල් සිසුන් සහ ගම්වැසියන් බස් රථ පැමිණෙන තෙක් රැඳී සිටින මගී ආවරණය ද සම්පූර්ණයෙන්ම විනාශ කරමින් මෙම කඩාවැටීම සිදුව තිබේ.
බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං
අනතුර සිදුවන අවස්ථාවේ මගී ආවරණය තුළ කිසිවෙකුත් නොසිටීමත්, ප්රධාන මාර්ගයේ වාහන ධාවනය නොවී තිබීමත් නිසා විශාල විපතක් වැළකී ගොස් ඇත.
පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ අදාළ පස් කන්ද තවදුරටත් කඩාවැටෙමින් පවතින අතර, මෙය විශාල නායයාමක් දක්වා වර්ධනය වුවහොත් සිසුන්ගේ ජීවිතවලට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බව දෙමාපියෝ පවසති.
අද සා.පෙළ සෞන්දර්ය ප්රයෝගික පරීක්ෂණවලට සභභාගීවීමට නොහැකි වූ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර ඇති බව බදුල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා සඳහන් කළ අතර, වහාම නායයාම් තත්ත්වය පාලනය කිරීමට පියවර ගන්නා ලෙස දෙමාපියන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.