හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Report

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉකුත් 22 වනදා නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය අද (27) නියෝග කළාය.

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් සහ හැඳුනුම්පතක් ලබාගැනීමේ චෝදනාවට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඇයට මෙලෙස වරෙන්තු නිකුත් කර තිබිණි.

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය ජ්‍යෙෂ්ඨ නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට භාරවීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරිය විසින් මෙම වරෙන්තුව ආපසු කැඳවීමට පියවර ගන්නා ලදී.

අත්‍යවශ්‍ය හදිසි ගමනක් යෙදීම නිසා නියමිත වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව විත්තියේ නීතිඥවරයා පැවසුවද, විත්ති කූඩුවට නැගි පසු සෑම තරාතිරමකම අයෙකුටම නීතිය එක හා සමානව බලපාන බව විනිසුරුවරිය අවධාරණය කළාය.

අද සා.පෙළ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගීවීමට නොහැකි වූ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

අද සා.පෙළ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගීවීමට නොහැකි වූ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

විත්තිකාරිය මින් පෙරද අවස්ථා කිහිපයකදීම අධිකරණයට ප්‍රමාද වී පැමිණ ඇති බව නඩු ගොනුව පරීක්ෂා කිරීමේදී පෙනී යන බව සඳහන් කළ විනිසුරුවරිය, මින් ඉදිරියට නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ඇයට දැඩි ලෙස අවවාද කළාය. අදාළ වරෙන්තුව ආපසු කැඳවූ අධිකරණය නඩුව හෙට (28) පස්වරු 1.30 ට යළි කැඳවීමට නියෝග කළාය.