කුරුවිට බන්ධනාගාරයම ලේ විලක් වෙද්දී තත්ත්වය පාලනයට වෙඩි තබයි
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා වෙඩිතැබීමට සිදු වූ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
මෙම ගැටුම සහ වෙඩිතැබීම හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය තහවුරු කරයි.
කුරුවිටත් ලේ විලක් වෙයි.. බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මිය ගොස් තුවාල ලැබූ සංඛ්‍යාව 12 දක්වා ඉහළට
ඊයේ (06) රාත්‍රියේ ආරම්භ වී පාලනය කර තිබූ මෙම නොසන්සුන්තාව, අද (07) උදෑසන යළිත් වරක් උග්‍ර වී තිබේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද කටයුතු කර ඇත.
මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීමේදී රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලට ද අලාභහානි සිදුකර ඇති අතර, ගැටුමෙන් තුවාල ලැබූ තවත් කිහිපදෙනෙකු මේ වන විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටී. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.