කුරුවිට බන්ධනාගාර ගැටුමෙන් දෙදෙනෙක් මැරෙද්දී මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11ක් රෝහලට

Report

නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (07) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසයි.

මේ වන විට එහි පවතින උණුසුම් තත්ත්වය පාලනය කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගත් රැඳවියන් නව දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට ද පියවර ගෙන තිබේ.

රටම උණුසුම් කළ කුරුවිට බන්ධනාගාරයේ තත්ත්වය දරුණු වෙයි - තුවාල ලැබු රැඳවියන්ගෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

රටම උණුසුම් කළ කුරුවිට බන්ධනාගාරයේ තත්ත්වය දරුණු වෙයි - තුවාල ලැබු රැඳවියන්ගෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ රාත්‍රියේ පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සහයෝගය ලබාගත් බවත්, මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව යොදවා ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, මතුව ඇති ආරක්ෂිත තත්ත්වය හමුවේ අද (08) දින බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදු නොකිරීමට බලධාරීන් තීරණය කර ඇත.

මැගසින් බන්ධනාගාරය කැලඹෙද්දී කුරුවිට බන්ධනාගාරයෙත් නොසන්සුන්තාවයක් තත්ත්වය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්

මැගසින් බන්ධනාගාරය කැලඹෙද්දී කුරුවිට බන්ධනාගාරයෙත් නොසන්සුන්තාවයක් තත්ත්වය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්