නිදන් හාරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
බුත්තල පොලිස් බලප්රදේශයට අයත් වන්දම ප්රදේශයේ රහසිගතව නිදන් සොයා කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්ව තිබේ.
ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමකදී අදාළ සැකකරුවන් දෙදෙනා සමඟ කැණීම් කටයුතු සඳහා උපයෝගී කරගත් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලව්ව සහ බුත්තල යන ප්රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
සැකකරුවන් දෙදෙනා වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන පවත්වයි.