සිරදඬුවම් විඳින හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහාධිකරණයට - අනීතික වෙසක් කාඩ්පත් නඩුවේ අලුත්ම තීරණය මෙන්න

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති තවත් නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 13 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

අදාළ නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකාර හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

නඩු විභාගය අතරතුර අල්ලස් කොමිසමේ නිලධාරිනියකගේ මෙහෙයවීම යටතේ නඩුවේ විමර්ශන නිලධාරියෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුකෙරිණි. අනතුරුව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු විය.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 13 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.

2013 වසරේ මැයි 10 වැනිදා සිට ජුනි 6 වැනිදා දක්වා කාලය තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් අනීතික ලෙස වෙසක් සුබපැතුම්පත් 3,000ක් මුද්‍රණය කිරීම හරහා රජයට රුපියල් 128,520ක පාඩුවක් සිදුකිරීමෙන් ‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

ඩොලරයේ අගය අදත් එකම මට්ටමක - ලංකාවේ ප්‍රධාන බැංකුවල අලුත්ම ඩොලර් ගැනුම් සහ විකුණුම් මිල මෙන්න

ඩොලරයේ අගය අදත් එකම මට්ටමක - ලංකාවේ ප්‍රධාන බැංකුවල අලුත්ම ඩොලර් ගැනුම් සහ විකුණුම් මිල මෙන්න

ඩොලර් 120 සීමාවට යන්න ගිය බොරතෙල් මිලට අද මොකද වුණේ? - බ්‍රෙන්ට් සහ WTI අලුත්ම මිල ගණන් මෙන්න

ඩොලර් 120 සීමාවට යන්න ගිය බොරතෙල් මිලට අද මොකද වුණේ? - බ්‍රෙන්ට් සහ WTI අලුත්ම මිල ගණන් මෙන්න