මෙල්බර්න් සිට ආ ශ්‍රීලන්කන් ගුවන් යානය හදිසියේ ගොඩබැස්සවූ පුදුම සහගත හේතුව මෙන්න

Report

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයක භාණ්ඩ ගබඩා කරන පහළ කොටසේ ඇති වූ දුමාරයක් හේතුවෙන් ඊයේ (01) රාත්‍රියේ හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.

කෙසේ වෙතත්, යානය ගොඩබැස්සවීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එහි ගබඩා කර තිබූ මස් තොගයක් සඳහා භාවිත කළ නයිට්‍රජන් වියළි අයිස් (Dry Ice) හේතුවෙන් මෙම දුමාරය හටගෙන ඇති බවයි.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, මෙල්බර්න් සිට පැමිණි යූ.එල්. 605 දරන ගුවන් යානය ඊයේ රාත්‍රී 10.38ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවූ බවයි.

යානය ගොඩබැස්සවීමට මිනිත්තු 15කට පමණ පෙර මෙම තත්ත්වය ඇති වී තිබේ. ඒ පිළිබඳව ගුවන් නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපොළ මෙහෙයුම් මැදිරිය දැනුවත් කිරීමෙන් අනතුරුව හදිසි ගොඩබෑමක් සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගෙන තිබුණි.

බෙංගාල බොක්ක කැළඹෙයි - තවත් ප්‍රබල සුළි කුණාටුවක් - අද මධ්‍යම රාත්‍රිය සහ හෙට පාන්දර වෙනකල් වෙන්න යන දේ

බෙංගාල බොක්ක කැළඹෙයි - තවත් ප්‍රබල සුළි කුණාටුවක් - අද මධ්‍යම රාත්‍රිය සහ හෙට පාන්දර වෙනකල් වෙන්න යන දේ

ඒ අනුව ගිනි නිවීමේ රථ, වෛද්‍යවරුන්, හෙදියන්, ගලවා ගැනීමේ භටයන් සහ ගිලන් රථ සූදානම් කර තිබූ අතර, ගුවන් තොටුපොළ අවට රෝහල් ද සූදානම් කර තැබීමට පියවර ගෙන තිබේ.

එහෙත් ගුවන් නියමුවාගේ දක්ෂතාවයෙන් යානය කිසිදු අනතුරකින් තොරව කටුනායක ගුවන් තොටුපොළට ගොඩබැස්සවීමට හැකි වී ඇත.

එයාර්බස් A330 වර්ගයේ පුළුල් බඳ සහිත මෙම ගුවන් යානයේ මගීන් 258 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 15 දෙනෙකු සිට තිබේ.

ගොඩබැස්සවීමෙන් පසු සිදුකළ පරීක්ෂාවලදී දුමාරයට හේතුව හඳුනාගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂා කිරීම්වලින් අනතුරුව අද (02) උදෑසන යානය කටුනායක ගුවන් තොටුපොළෙන් වෙනත් ගමනාන්තයක් බලා පිටත්ව ගොස් තිබේ.

මේ බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහි නඩුව යළිත් කල්යයි

විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහි නඩුව යළිත් කල්යයි