තුර්කියේ ජෙට් යානයක් කඩා වැටී බිහිසුණු අනතුරක් - නියමුවා ජීවිතක්ෂයට
By Kaushi
අද (25) දින අලුයම බටහිර තුර්කියේ පුහුණු ගුවන් ගමනක් අතරතුර තුර්කි ගුවන් හමුදාවේ F-16 ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටීමෙන් ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් මාධ්‍යට තහවුරු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම යානය ගුවන්ගත වීමෙන් මඳ වේලාවකට පසු රේඩාර් සම්බන්ධතා ඉවත් වී ඇති බව සඳහන්.
එසේම නිලධාරීන් විසින් වහාම සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් යොදවා ඇති බව වාර්තා විය.
එහෙත් දේශීය වේලාවෙන් අලුයම 1ට පමණ මෙම යානය කඩා වැටී ඇති අතර යානය කඩා වැටීමෙන් අනතුරුව ගිනි ගැනීමකට ලක්ව ඇති බව වැඩිදුරටත් සඳහන්.