ඇමරිකානු දේශපාලනය හොල්ලමින් බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගබ්බාර්ඩ් හදිසියේම ඉල්ලා අස්වෙයි

Report

අමෙරිකාවේ බුද්ධි අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ තුල්සි ගබ්බාර්ඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඇය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දන්වා ඇත්තේ සිය සැමියාගේ රෝගී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් තුල්සි ගබ්බාර්ඩ් සඳහන් කර ඇත්තේ, වසර 11ක විවාහ ජීවිතය තුළ තම සැමියා වන ඒබ්‍රහම් තම ජීවිතයේ ශක්තිමත්ම ආධාරකයා වූ බවය.

ට්‍රම්ප්ගෙන් ඇමරිකා සිහිනයට මරු පහරක් - H-1B වීසා අයදුම්පත් ලක්ෂ ගණනකින් බිමට ඇද වැටෙයි

ට්‍රම්ප්ගෙන් ඇමරිකා සිහිනයට මරු පහරක් - H-1B වීසා අයදුම්පත් ලක්ෂ ගණනකින් බිමට ඇද වැටෙයි

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, සිය රාජකාරි කටයුතු සහ වත්මන් තනතුරේ වගකීම් ඉටු කිරීම සඳහාද ඔහු විශාල සහයෝගයක් ලබාදුන් බවයි.

කෙසේවෙතත්, දුර්ලභ ගණයේ පිළිකා රෝගයකින් ඔහු පෙළෙන බව හඳුනා ගැනීමෙන් පසු, මෙම අභියෝගාත්මක අවස්ථාවේ තම සැමියා සමඟ සිටීම ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව සඳහන් කරමින් ඇය ජූනි 30 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වීම භාරගෙන ඇත.

මුහුදට යන අයට හදිසි රතු නිවේදනයක් - සුළඟ පැයට කිලෝමීටර් 60 දක්වා දරුණු වෙයි

මුහුදට යන අයට හදිසි රතු නිවේදනයක් - සුළඟ පැයට කිලෝමීටර් 60 දක්වා දරුණු වෙයි

අද ඔබේ වාසනාව උරගා බලන දවසද? මෙන්න ලග්න 12ටම අදාළ සම්පූර්ණ අනාවැකිය

අද ඔබේ වාසනාව උරගා බලන දවසද? මෙන්න ලග්න 12ටම අදාළ සම්පූර්ණ අනාවැකිය